April 26, 2024

පොහොර වැඩේ අවුල් කලේ ආණ්ඩුවේම පිරිසක්: විපක්ෂයට ආයුධ දුන්නා - කෘෂි ඇමතිගෙන් චෝදනා

November 01, 2021

කාබනික පොහොර සංකල්පය අසාර්ථක වීමට ප්‍රධාන හේතුව ඒ සම්බන්ධයෙන් ආණ්ඩුව තුළ ඇති වූ බෙදීම නිසා බවට කෘෂිකර්ම කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා චෝදනා කරනවා.

මේ බෙදීම මත ආණ්ඩුව තුළත් ඒ සම්බන්ධයෙන් විශ්වාසයක් නැති බව ගොවියාට ඒත්තු ගිය බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.

විරුද්ධවාදීන්ට ආයුධ දීම

ඒ හරහා ආණ්ඩු පක්ෂය තුලින්ම විරුද්ධවාදීන්ට ආයුධ දීමක් කළ බව අලුත්ගමගේ මහතා අවධාරණය කරනවා.

කාබනික පොහොර භාවිතයට ආණ්ඩුව තුළින්ම විරුද්ධ වූ පිරිස එසේ කළේ ඒ අයගේ දේශපාලන කෝණයෙන් බවයි අමාත්‍යවරයාගේ මතය වන්නේ.

ඒ නිසා ඒ කිසිවෙක් මේ වැඩේ හොඳ පැත්ත ගැන කතා නොකළ බව පෙන්වා දෙන අමාත්‍යවරයා ජනපතිවරයා එය දේශපාලන කෝණයෙන් නොව රට පැත්තෙන් බැලූ බව සඳහන් කරනවා.

ජනපති ගත් තීන්දුව

ජනපතිවරයා රට පැත්තෙන් ගත් ඒ තීන්දුවත් සමග ආණ්ඩුවේ පිරිස් එකට සිටිය යුතු බවයි අමාත්‍යවරයාගේ මතය වන්නේ.

මෙසේ ඒ සම්බන්ධයෙන් පෙනී සිටීමට නොහැකි නම් ආණ්ඩුවෙන් එළියට යා යුතු බවත් අලුත්ගමගේ මහතා ඊට විරෝධය දැක්වූ පිරිසට මතක් කර දෙනවා.

ආණ්ඩුව තුළ සිටිමින්ම පොහොර ප්‍රශ්නයට විරෝධය දැක්වූ පිරිස කවුරුන්දැයි අමාත්‍යවරයා නම් කර නැහැ.

මහින්දානන්ද අලූත්ගමගේ අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ සති අන්ත ජාතික පුවත්පතක් සමග සමඟ සාකච්ඡාවකදී පොහොර ප්‍රශ්නය පිළිබඳ නැගූ ප්‍රශ්න වලට පිළිතුරු දෙමින්.

Rate this item
(0 votes)
Last modified on Monday, 01 November 2021 11:58

Related items