April 27, 2024

බාර් ඇරීමේ ප්‍රතිඵල එයි! තත්වය දරුණු වෙයි

September 22, 2021

මත්පැන්හල් විවෘත කිරීමෙන් පසු පසුගිය 19 වැනිදා පමණක් බීමත්ව සිදුකළ කලකෝලාහල සහ ගැටුම්වලින් තුවාල ලැබූවන් පනස්පස් දෙනකු කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු අංශයට ඇතුළත් කර ඇතැයි වාර්තා වනවා.

එම තුවාලකරුවන්ගෙන් පස්දෙනකු කාන්තාවන් වන අතර ඔවුන් සියලුදෙනාම කොළඹ අවට පදිංචිකරුවන් බවයි වාර්තා වන්නේ.

ගැටුම් වැඩිවෙලා

ඇතැම් තුවාලකරුවන් අධික බීමත්කම හේතුවෙන් සිහිමද ගතියෙන්ද පෙළණු අතර ඔවුන් රෝහලෙන් පැන යාමටද උත්සාහ දරා ඇතැයි රෝහල් ආරංචි මාර්ග පවසනවා.

ඉරිදා දිනයේදී පමණක් රෝගීන් 175 දෙනෙකු ජාතික රෝහලේ හදිසි අනතුරු අංශයට ඇතුළත් කර ඇති අතර ඉන් 55දෙනෙකු බීමතින් සිටි පුද්ගලයන් වීම සහ ගැටුම් වැඩිවීම සැලකිය යුතු වර්ධනයක් බව කොළඹ ජාතික රෝහලේ වෛද්‍යවරුන් පෙන්වා දෙනවා.

කාන්තාවන්ට කරදර

බොරැල්ල ප්‍රදේශයේ ගැටුමකින් පුද්ගලයකුගේ පිටට පිහියෙන් ඇණ තිබූ අතර එම පිහිය සහිතවම ඔහු රෝහල්ගත වී තිබුණා.

පුද්ගලයින් බීමත්ව කාන්තාවන් සමග ගැටුම් ඇති කර ගැනීමද වැඩි වී ඇති බව පොලිසිය පෙන්වා දෙනවා.

බීමත්ව සිදුකරන හිරිහැර ඉවසාගත නොහැකිව පුද්ගලයන් දෙදෙනකු කාන්තාවන් අතින් පසුගිය ඉරිදා (20) මියගොස් තිබුණා. ඒ අවිස්සාවේල්ල දයිගල ප්‍රදේශයේ සහ යාපනය අරියාලේ ප්‍රදේශවලදීයි.

බෝතලයකින් ආණ්ඩුවට රු.955ක්

මේ අතර සමස්ත ලංකා සුරාබදු සැරයන් හා නියාමක සංගමය පවසන්නේ මත්පැන් බෝතලයකින් රුපියල් 955ක මුදලක් බදු වශයෙන් රජයට ලැබෙන බවත්, ඉකුත් නිරෝධායන ඇඳිරි නීතියත් සමඟ මත්පැන්හල් වසා දැමීම නිසා රුපියල් කෝටි 2,000කට ආසන්න බදු මුදලක් රජයට අහිමි වූ බවත්ය.

එමෙන්ම මෙරට මත්පැන් නිෂ්පාදකයන් සියලුදෙනා දේශීය ව්‍යාපාරිකයන් බවත්, ඒ නිසා මෙරට මුදල් විදේශ රටකට ගලා නොයන බවත් එම සංගමය පෙන්වා දෙනවා.

මෙරට මත්පැන් වෙළඳාමේ මාෆියාවක් ක්‍රියාත්මක වන බවද, ඊට හේතුව වී ඇත්තේ සීමිත පිරිසකට මත්පැන් බලපත්‍ර ලබාදීම බවද සමස්ත ලංකා සුරාබදු සැරයන් හා නියාමක සංගමය සඳහන් කරනවා.

Rate this item
(1 Vote)
Last modified on Tuesday, 21 September 2021 23:36