April 26, 2024

පෞද්ගලික රෝහලෙන් හමුවූ අත් බෝම්බය ගැන හෙළිවූ දේ

September 15, 2021

කොළඹ, නාරහේන්පිට පෞද්ගලික රෝහල් පරිශ්‍රයක තිබී ඊයේ (15) දිනයේ අත්බෝම්බයක් සොයා ගෙන තිබුණා.

මෙම අත්බෝම්බය පිළිබඳව කරන ලද පොලිස් පරික්ෂණවලදී හෙළිවී තිබෙන්නේ එම බෝම්බයේ ආරක්ෂිත ඇණය ගලවා එයට දැල්වූ මදුරු දඟරයක් සවි කර පුපුරා යන ලෙස සකසා තිබුණු බවයි.

අදාළ අත්බෝම්බය පිළිබඳව මුලින්ම දැනගන්නට ලැබී ඇත්තේ එම රෝහලේ ප්‍රධාන ආරක්ෂක නිලධාරියෙකු ලෙස සේවය කරන හිටපු ගුවන් හමුදා වින්ග් කමාන්ඩර්වරයා හටයි. 

රෝහලේ වැසිකිළියක් තුළ තබා තිබූ මෙම අත්බෝම්බය ඔහු විසින් එම ස්ථානයෙන් ඉවත් කොට රෝහල් පරිශ්‍රයේ ඇති ගරාජයක් වෙත රැගෙන ගොස් තිබුණා.

නාරහේන්පිට පොලීසිය මේ බව දැනුම් දීමත් සමඟ පොලිස් විශේෂ කාර්ය බලකායේ බෝම්බ නිෂ්ක්‍රිය අංශයද එම ස්ථානය වෙත කැඳවා තිබෙනවා. 

බෝම්බ නිෂ්ක්‍රීය අංශය විසින් අදාළ අත්බෝම්බය පරික්ෂා කර බලා ඇති අතර එහිදී හෙළිවී තිබුණේ එම අත්බෝම්බය සක්‍රීය මට්ටමේ ඇති එකක් නොවන එකක් බවයි.

මෙම අත්බෝම්බය රෝහල් පරිශ්‍රයට ගෙනවිත් දමා ඇත්තේ කවුරුන් ද යන්න සම්බන්ධයෙන් මේ වන විට කොළඹ අපරාධ කොට්ඨාසය විසින් ප්‍රදේශය භාර නාරහේන්පිට පොලීසිය සමඟ එක්ව පරික්ෂණයක් ද ආරම්භ කර තිබෙනවා.

Rate this item
(1 Vote)