May 01, 2024

අවු.60ට වැඩි අයගෙන් සෞඛ්‍ය ඇමති කළ ඉල්ලීම

September 14, 2021

මෙරට ජීවත් වෙන වයස අවුරුදු 60ට වැඩි පුද්ගලයින්ගෙන් සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඉල්ලීමක් කර තිබෙනවා.

මෙහිදී අමාත්‍යවරයා ඉල්ලා සිටියේ කොවිඩ් මර්දනය සඳහා තවමත් එන්නතක් ලබාගෙන නොමැති නම් වහාම එන්නතක් ලබාගැනීමට කටයුතු කරන ලෙසයි.

අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ වයස අවුරුදු 60ට වැඩි අය සඳහා කොවිඩ් රෝගය වැළැඳීමේ ඉතා ඉහළ හැකියාවක් ඇති බවත් රෝගය නිසා මිය යන බොහෝ දෙනා වයස අවුරුදු 60ට වැඩි අය බවයි.

වැරැදි ආකල්ප සහ මතවාද නිසා සමහර පිරිස් එන්නත ගැනීමෙන් වැළැකී සිටින බවද අමාත්‍යවරයා අවධාරණය කර සිටියා.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 14 September 2021 12:15