May 04, 2024

වැලිකඩ බන්ධනාගාරයේ එල්ලුම් ගහ ළඟ යකා නැටූ ප්‍රබල ඇමති

September 14, 2021

වත්මන් ආණ්ඩුවේ ප්‍රබල රාජ්‍ය අමාත්‍යවරයෙකු මිතුරන් පිරිසක් සමඟ එක්ව කළ අමුතුම වැඩක් ඊයේ (13) දිනයේ සතිපතා ඉංග්‍රීසි පුවත්පතක් වාර්තා කර තිබුණා.

බීමතින් සිටි මෙම රාජ්‍ය අමාත්‍යවරයා විසින් සිය මිතුරන් සමඟ වැලිකඩ බන්ධනාගාර පරිශ්‍රයට බලහත්කාරයෙන් ඇතුළු වී තිබුණු බවද සඳහන් වෙනවා.ෙ

මෙලෙස බලහත්කාරයෙන් බන්ධනාගාරයට ඇතුළු වූ රාජ්‍ය ඇමතිවරයා සතුව එම අවස්ථාවේ ගිනි අවියක් ද තිබී ඇති බවටත් එම පුවත්පත වාර්තා කර තිබුණා‍ෙ

කෙළින් සිට ගෙන සිටීමට පවා නොහැකි තරමට බීමතින් සිට ඇති මෙම පිරිස බන්ධනාගාර පරිශ්‍රය තුළ ඇඳ වැටී තිබුණු බවද පුවත්පත වාර්තා කර තිබෙනවා

ඔවුන් බන්ධනාගාරයේ එල්ලුම් ගහ බැලීමට උත්සාහ කර ඇති අතර එම පිරිස නැවැත්වීමට උත්සාහ කළ බන්ධනාගාර නිලධාරීන්ට බීමතින් සිටි පිරිස බැන වැදී තිබුණු බවයි වාර්තා වන්නේ.

මේ සම්බන්ධව මාධ්‍ය කිහිපයක්ම බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක බන්ධනාගාර කොමසාරිස් චන්දන ඒකනායක මහතාගෙන් විමසීම් කර තිබුණත් ඔහු ඒ සම්බන්ධව කිසිවක් නොදන්නා බවයි පවසා තිබෙන්නේ.

Rate this item
(6 votes)
Last modified on Tuesday, 14 September 2021 00:05