May 17, 2024

අධිවේගයේ මුදල් අයකැමි මුදල් එක්කම අතුරුදහන්

September 13, 2021

දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගමන් ගන්නා වාහනවලින් මුදල් අය කරගන්නා මුදල් අයකැමියෙකු මුදල් සමඟ අතුරුදහන්ව ඇති පුවතක් වාර්තා වෙනවා.

මෙලෙස අතුරුදහන්ව ඇත්තේ දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගැලනිගම අධිවේගී මාර්ග පාලන මධ්‍යස්ථානයේ මුදල් අයකැමිවරයා ලෙස කටයුතු කළ අයෙක්. 

ඔහු රුපියල් ලක්ෂ 14කට අධික මුදලක් සමඟයි මෙලෙස අතුරුදහන්ව ඇති බවට වාර්තා වන්නේ.

මේ පිළිබඳව මාර්ග සංවර්ධන අධිකාරියේ ප්‍රධාන ඉංජිනේරුවරියක් බණ්ඩාරගම පොලීසියට ඊයේ (12) දිනයේ දී පැමිණිල්ලක් ද කර තිබෙනවා.

 අදාළ මුදල් අයකැමිවරයා සහ මුදල සොයා පොලීසිය විසින් විමර්ශන ආරම්භ කර තිබෙනවා.

Rate this item
(0 votes)
Last modified on Monday, 13 September 2021 09:24