පිහියකින් ඇණ තම සැමියා ඝාතනය කිරිමේ සිද්ධියට සම්බන්දව සැකකාර බිරිඳ ඊයේ (09) දිනයේ අත්අඩංගුවට ගත් බව නෙළුව පොලීසිය සඳහන් කළා.
මෙසේ ඝාතනය කොට ඇත්තේ 32 හැවිරිදිවියේ පසුවන අයෙකි. මිය ගිය පුද්ගලයාගේ පපු ප්‍රදේශයට සැකකාර බිරිඳ විසින් පිහියෙන් ඇන ඇති බව පොලිසිය සඳහන් කළේ.
පවුල් ආරවුලක් දුර දිග යාමෙන් මෙම ඝතනය සිදුව ඇති බවට පොලිස් පරික්ෂණවලදි අනාවරණය වී තිබෙනවා.
අත්අඩංගුවට ගෙන ඇත්තේ නෙළුව ලේල්වල ජම්බුගස්විල ප්‍රදේශයේ පදිංචි 30 හැවිරිදිවියේ පසුවන තිදරු මවක්.
සැමියා බිමත්ව නිවසට පැමිණ බිරිදට හිරිහැරකරන බවද පරික්ෂණවලදි අනාවරණය වී තිබෙනවා.
පොලිසියට මුලින්ම මෙම සිද්ධිය වාර්තා වී ඇත්තේ මියගිය තැනැත්තා විසින් පිහියෙන් ඇණගත් බවට වන අතර කරාපිටිය ශික්ෂණ රෝහලේ දි සිදුකළ පශ්චාත් මරණ පරික්ෂණයේ දී මෙය ඝාතනයක් බවට අනාවරණය වී ඇත.
පශ්චාත් මරණ පරික්ෂණ වාර්ථාව හා සැකකාරිය විසින් ලබාදෙන සාක්ෂි පරස්පරවිම නිසා පොලිසිය විසින් අදාළ සිද්ධිය පිළිබද පුළුල් විමර්ශනයක් සිදුකොට තිබෙනවා.
එහිදි අනාවරණය වී ඇත්තේ බිරිද විසින් සැමියාට පිහියකින් ඇණ ඇති බවයි. ඝාතනය සඳහා යොදාගත් පිහියද පොලිසිය මඟින් සොයාගෙන තිබෙනවා.
සැකකාරිය අද (10) අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතව තිබුණි. නෙළුව පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක එම්.ඒ.ඒ මාරසිංහ මහතා ඇතුළු නිලධාරින් කණ්ඩායමක් විසින් සැකකාරිය අත්අඩංගුවට ගනු ලැබුවා.
(ලලිත් චාමින්ද - ගාල්ල)