May 16, 2024

තරුණියක්ව අත් පා ගැට ගසා පාළු පාරක දමා ගිහින්

September 09, 2021

පසුගිය අගෝස්තු 28 වැනිදා 31 හැවිරිදි රිමාලි ප්‍රනාන්දු නම් තරුණියක් නාඳුනන පිරිසක් විසින් මුහුණට මිරිස් කඩු ගසා ත්‍රිරෝද රථයකින් පැහැර ගෙන ගොස් තිබෙනවා.

පසුව ඇයව ඊයේ (08) අලුයම් කාලයේ දී අම්පාර ප්‍රදේශයේ පාළු පාරක අත් පා ගැට ගසා දමා ගොස් තිබියදී සොයාගන්නට ප්‍රදේශවාසීන් සමත්ව තිබුණා.

ඔවුන් පසුව අම්පාර පොලීස් නිලධාරින්ව මෙම සිදුවීම සම්බන්ධයෙන් දැනුවත් කර ඇති අතර පොලිස් නිලධාරීන් විසින් අදාළ තරුණිය රෝහල් ගත කිරීමට කටයුතු කර තිබෙනවා.

තමාට සිදුවූ දේ ගැන අදාළ තරුණිය විසින් මාධ්‍ය වෙත පවසා සිටියේ තමාට මිරිස් කුඩු ගැසූ බවත් රෙද්දකින් සම්පුර්ණයෙන්ම හිස බැඳ දමා තිබුණු බවයි. වැඩිදුරටත් අදහස් දක්වමින් ඇය පවසා සිටියේ තමා අවදි වන අවස්ථාවේ කපරාදු නොකරන ලද ගෙදරක දමා සිටි බවයි.

සිදුවීම සම්බන්ධයෙන් පොලිස් පරික්ෂණ ක්‍රියාත්මකයි.

Rate this item
(0 votes)
Last modified on Thursday, 09 September 2021 12:11