May 16, 2024

පහන්තුඩා යුවල අධිකරණයට නොගොස් ඇප ගත්හැටි

September 03, 2021

පහන්තුඩාව ඇල්ල ආශ්‍රිතව අසභ්‍ය දර්ශනයක් පටිගත කිරීම සම්බන්ධයෙන් ඊයේ (02) දිනයේ දී යුවලක් අත්අඩංගුවට ගත්තා.

24 හැවිරිදි වියේ පසුවන රූපලාවන්‍ය ශිල්පිනියක් වන තරුණියක් සහ අවුරුදු 34ක් වන තරුණයෙක් මෙලෙස අත්අඩංගුවට පත් වුණා.

අද (03) දිනයේ මෙම යුවල අධිකරණයට ඉදිරිපත් කිරීමට තිබුණත් ඔවුන්ව අධිකරණයට ඉදිරිපත් නොකර පොලිස් ඇප මත මුදාහැර තිබෙනවා.

මෙලෙස අධිකරණයට ඉදිරිපත් නොකර පොලිස් ඇප මත මුදාහැරීමට සිදුව තිබුණේ අදාළ වීඩියෝව රඟපෑ තරුණයාට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට හඳුනාගෙන තිබීමයි.

එබැවින් තරුණියද ආසාදිත තරුණයාගේ ළඟම ආශ්‍රිතයෙකු වීම නිසා ඇයවද අධිකරණයට ඉදිරිපත් කර තිබුණේ නැහැ.

කෙසේ වෙතත් මෙම යුවලට ලබන 16 වැනිදා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරියේ පෙනී සිටින ලෙස දන්වා ඇප මත මුදාහැර තිබෙන්නේ.

Rate this item
(0 votes)