April 27, 2024

පාස්කු ප්‍රහාරය ගැන පළමු වරට පොලිස්පතිගෙන් විශේෂ ප්‍රකාශයක්! (VIDEO)

2019 වසරේ එල්ල වූ පාස්කු ප්‍රහාර මාලාව සහරාන් ඇතුළු කණ්ඩායමක් විසින් කෙටි කාලයක් තුළ සැලසුම් කළ හුදෙක් තනි අපරාධයක් නොවන බව පොලිස්පති සී. ඩී. වික්‍රමරත්න මහතා විශේෂ ප්‍රකාශයක් කරමින් සඳහන් කරනවා.

එය සිදුවීමට පෙර සිදුවූ සිදුවීම් කිහිපයක් සැලකිල්ලට ගැනීමට සිදුවී ඇති බවයි පොලිස්පතිවරයා පෙන්වා දුන්නේ.

ඒ අනුව දීර්ඝ කාලයක් තිස්සේ සැලසුම්සහගතව සිදුකළ ත්‍රස්තවාදී ක්‍රියාවක් බව පෙනීයන බවද පොලිස්පතිවරයා අවධාරණය කළා.

පොලිස්පතිවරයා පෙන්වා දෙන්නේ මෙම අපරාධ විමර්ශනය ඉතා රහසිගතව සිදුකරන්නක් බවයි.

ඒ හේතුවෙන් ඒ පිළිබඳව තොරතුරු මහජනතාවට හෙළිකිරීම අධිකරණ කටයුතුවලට බාධාවක් විය හැකි බවද ඔහු පෙන්වා දෙනවා.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පොලීසිය සිදුකරන විමර්ශන සම්බන්ධව නිසි අවබෝධයක් නොමැතිවීම හේතුවෙන් එම විමර්ශන සම්බන්ධයෙන් සමාජය තුළ විවිධ මතවාද ගොඩනැගී ඇති බවයි පොලිස්පතිවරයා සඳහන් කළේ.

පාස්කු ප්‍රහාර විමර්ශන සම්බන්ධයෙන් පළමු වරට විශේෂ ප්‍රකාශයක් කරමින් පොලිස්පතිවරයා මේ බව සඳහන් කළා.

Rate this item
(0 votes)
Last modified on Wednesday, 25 August 2021 19:27