April 27, 2024

24ක තරුණියක් 14ක දරුවෙකු අතින් දූෂණය වෙයි! මෙරට හෙට දවස කොයිබටද?

වයස අවුරුදු 24ක තරුණියක් දූෂණයට ලක්ව ඇති අවාසනාවන්ත පුවතක් අම්බලන්ගොඩ ප්‍රදේශයෙන් වාර්තා වෙනවා.

වඩාත් කණගාටුදායක කරුණ වන්නේ මෙලෙස දූෂණයට ලක්ව ඇත්තේ විශේෂ අවශ්‍යතා සහිත ආබාධිත තරුණියක් වීම යි.

එමෙන්ම ඇයව දූෂණය කර ඇත්තේ වයස අවුරුදු 14ක පාසල් සිසුවෙකු විසින් වීම ද විශේෂත්වයක්.

මෙම අපරාධයට මුහුණ දී ඇති ප්‍රබෝධා සෙව්වන්දී නමැති තරුණිය උපතින්ම ආබාධිත තැනැත්තියක්වන අතර ඇය ජීවත්වන්නේ ඇගේ පියා සමග යි.

ඔහු වෘත්තියෙන් බස් කොන්දොස්තරවරයෙක්.

ප්‍රබෝදාගේ මව ඇය කුඩා කාලයේම ඇයත් ඇගේ පියාත් හැරගොස් ඇති අතර ප්‍රබෝදාගේ සියළු කටයුතු සිදුවන්නේ ඇගේ පියා අතින්.

ඇයව නිවසේ තනිව තබා ඇගේ පියා රැකියාව සඳහා පිටත්ව යන අතර ඔහු එලෙස රැකියාවට ගොස් යළි නිවසට ආ විට දැක ඇත්තේ අදාළ පාසල් සිසුවා සිය දියණිය සමග ලිංගිකව හැසිරෙමින් සිටින ආකාරය යි.

එම සිසුවා අසල්වැසි නිවසක පදිංචිකරුවෙකු බවට තරුණියගේ පියා හඳුනාගෙන තිබෙනවා.

තමන් මුහුණ දුන් සිදුවීම පිළිබඳව ඔහු මෙලෙස අදහස් පළ කළා.

“පල්ලෙහා ගෙදර අවුරුදු 14ක පිරිමි ළමයෙක් මගේ දරුවා දූෂණය කළා. මං වැඩට ගිහිල්ලා එනකොට මගෙ අතටම අහුවුණා. මම ඇස් දෙකටම දැක්කා. ඊට පස්සෙ මම එළවගෙන දිව්වා. අල්ලගත්තා. අල්ලගෙන කඹයකින් ගැටගහන්න හැදුවා. ගැට ගහන්න හදනකොට ගැටගහගන්න බැරි වුණා”

තම දියණියට මෙම අපරාධය සිදුකළ දරුවා අත්අඩංගුවට ගැනීමට පොලීසිය ක්‍රියා කර ඇතත් ඔහු මේවන විට ඇප මත නිදහස් වී ඇති බවත්, එලෙස ඇප හිමිවීමට හේතුවක් තමන් නොදන්නා බවත් තරුණියගේ පියා පවසනවා.

“ඉස්පිරිතාලෙට යොමු කළා පොලීසියෙන්ම. ඊට පස්සේ වෛද්‍ය වාර්තා ගත්තා දරුවාගේ. ටිකට් කපාගෙන එනකොටත් අල්ලලා නෑ. අත්අඩංගුවට අරගෙන නෑ. ආවට පස්සේ අත්අඩංගුවට අරගෙන මට පොලීසියෙන් කතා කරලා කිව්වා ඇල්ලුවා කියලා. මම ගියා බලන්න. එයා අධිකරණයට අරගෙන ගිහිල්ලා. ඇපදීලා තියෙනවා. ඇප දීපු හේතුව දැනගන්න තමයි ඕනේ”

Rate this item
(8 votes)
Last modified on Thursday, 05 August 2021 20:12