May 19, 2024

දියණිය අතපත ගෑ සල්ලාල මිතුරාට පියාගෙන් මරණ දඬුවම

සිය මිතුරෙකු ඝාතනය කළ පුද්ගලයෙකු පිළිබඳ පුවතක් මතුගම ප්‍රදේශයෙන් වාර්තා වෙනවා.

පාසල් සිසුවියකවන සිය දියණියට අතවර කිරීමට තැත් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් උරණ වී අදාළ පුද්ගලයා මෙම ඝාතනය සිදු කර ඇති බව සඳහන්.

පහරදීම සිදු කළ පියාගේ නිවසට ඔහුගේ මිතුරා පසුගිය දිනක පැමිණ ඇති අතර එම අවස්ථාවේ දියණිය ද එහි සිට තිබෙනවා.

පියා දියණිය අසළ නොමැති අවස්ථාවක මිතුරා දියණියට ලංව ඇති අතර හදිසියේ එම ස්ථානයට පැමිණි පියා දැක ඇත්තේ සිය මිතුරා දියණියගේ පපු පෙදෙස ස්පර්ශකරමින් සිටින දර්ශනය යි.

ඉන් කිපුණු අදාළ පියා සිය මිතුරාට පොල්ලකින් පහර දී ඇති අතර ඉන් බරපතළ තුවාළ ලැබූ ඔහු නාගොඩ රෝහලට ඇතුළත් කර තිබෙනවා.

කෙසේ වෙතත් ඔහු පසුව මරණයට පත්ව ඇති බව සඳහන්.

මෙලෙස මියගොස් ඇත්තේ 48 හැවිරිදි අයෙක්.

පහර දීම සිදු කළ පියා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Rate this item
(0 votes)
Last modified on Thursday, 05 August 2021 11:54