April 27, 2024

ඉෂාලිනී ගැන රිෂාඩ් ඉදිරියේ තියාගෙන සංජීව කියූ කතාව (VIDEO)

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සංජිව එදිරිමාන්න මහතා විසින් අද(04) පාර්ලිමේන්තුවේදී රිෂාඩ් බදියුදීන් මහතාගේ නිවසේ මියගිය ඉෂාලිනී දැරියගේ සිද්ධිය පිළිබඳව ඉල්ලීම් කිහිපයක් ඉදිරිපත් කර තිබෙනවා.

එහිදී මන්ත්‍රීවරයා සඳහන් කර සිටියේ රිෂාඩ් බදියුදීන් මහතාගේ නිවසේ මියගිය ඉෂාලිනී දැරිය පිළිබඳව තමා කතා කරන්නේ රිෂාඩ් බදියුදීන් අමාත්‍යවරයා විපක්ෂයේ නිසා හෝ ඔහු මුස්ලිම් නිසා නොවන බවත්, ඇය දෙමල නිසා නොවන බවත්ය.

මේ පිළිබඳව සමාජයක් විදියට අවධානය යොමු කළ යුතු බවද ඒ මහතා පෙන්වා දෙනවා.

වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු මෙසේද පැවසුවා.

"අභිරහස් ලෙස මේ මිය ගිය දැරිය සම්බන්ධයෙන් මගේ ඉල්ලීම් කිහිපයක් ඉදිරිපත් කරනවා. මේ අභිරහස මේ සමාජයට අනාවරණය විය යුතුයි. දෙමව්පියන්ගේ කඳුළු වලට යුත්කිය ඉටු විය යුතුමයි. මෙවැනි දේ නැවත සිදු වීම වැලැක්වීම සඳහා පවතින නිතිය දැඩි ලෙස ක්‍රියාත්මක විය යුතුමයි. මෙවැනි ඛේදවාචකය යලි සිදු වීම වළකාලීම වෙනුවෙන් අවැසි මම නව නීති සම්පාදනය කළ යුතුයි. දරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් වන පොදු සමාජ වගකීම වෙනුවෙන් අප සියලුදෙනාම බැදී ස්වේච්චාවෙන් වැඩ කල යුතුයි. ශ්‍රමය මිලදී ගැනීමේදී මිනිස්සුන්ගේ දුප්පත්කම්, අසරණකම් මිලදී ගැනීමෙන් වැලකි සිටීමේ වගකීම අපි හැමෝටම තියෙනවා." 

එලෙස මන්ත්‍රීවරයා අදහස් පළ කරන විට රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයාද මැතිසබේ අසුන් ගෙන සිටි බවයි වාර්තා වන්නේ.

එම වීඩියෝව පහතින්,

Rate this item
(0 votes)
Last modified on Wednesday, 04 August 2021 23:12