April 26, 2024

රනිල්ව ජනපති කරන්නම ඕන නැහැ: මංගල කියන අමුතු කතාව

එක්සත් ජාතික පක්ෂ නායක, එම පක්ෂයේ ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතා සම්බන්ධයෙන් මංගල සමරවීර මහතා විග්‍රහයක් කරනවා.

තමා තවමත් එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා සමග ඉතා කිට්ටු සම්බන්ධතාවයක් පවත්වන බවයි මංගල සමරවීර මහතා සදහන් කරන්නේ.

අත්දැකීම් තිබෙන සාධකය

රනිල් වික්‍රමසිංහ මහතා නායකත්වය දරන වර්තමාන එක්සත් ජාතික පක්ෂය යන ගමන් මාර්ගය ගැන ප්‍රශ්න තිබුණද රටේ තිබෙන ප්‍රශ්න නිරාකරණය කිරීමට අත්දැකීම් තිබෙන සාධකයක් අවශ්‍ය බවයි සමරවීර මහතා පෙන්වා දෙන්නේ.

දේශපාලන භූමිකාවේ එවැන්නන් සිටින්නේ අතලොස්සක් බවයි සමරවීර මහතාගේ විශ්වාසය වන්නේ.

ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්මවාදීන්

අනාගතයක් ගොඩ නැගිය හැකි අත්තිවාරමක් ඔවුන් සමග දැමිය යුතු බව පෙන්වා දෙන සමරවීර මහතා ඒ අත්තිවාරම ගොඩනැගීමට ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්ම අවශ්‍ය බවයි සඳහන් කරන්නේ.

එය කළ හැක්කේ රනිල් වික්‍රමසිංහ මහතා වැනි අයට බව සමරවීර මහතා අවධාරණය කරනවා.

රනිල් ජනපති කරන්නම ඕන නැහැ

ඒ සඳහා රනිල් වික්‍රමසිංහ මහතා රටේ ජනපතිම කළ යුතු නැති බවයි සමරවීර මහතාගේ මතය වන්නේ.

තමා මෙන්ම ලිබරල්වාදියෙකු වන රනිල් වික්‍රමසිංහ මහතා ගැන මංගල සමරවීර මහතා මෙම අදහස් පළකළේ සති අන්ත ජාතික පුවත්පතක් සමග සමඟ සාකච්ඡාවකට එක්වෙමින්.

මංගල සමරවීර මහතා පසුගිය මහ මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයෙන් කඩාගෙන ආ සජිත් ප්‍රේමදාස මහතා නායකත්වය දුන් සමගි ජන බලවේගය සමග එක්වූ අතර එම පක්ෂයෙන් මාතර දිස්ත්‍රික්කයට භාර දුන් නාම යෝජනාව මැතිවරණයට දින කිහිපයකට පෙර ඉල්ලා අස්කර ගත්තේ තමන්ට මනාපයක් ලබා නොදෙන ලෙස ඡන්දදායකයන්ට දැනුම් දෙමින්.

Rate this item
(1 Vote)
Last modified on Monday, 02 August 2021 23:48