April 26, 2024

කිලිනොච්චිය කැළඹූ අපරාධය : නිදා සිටි තරුණයෙකුට කළ හරියක්! (PHOTOS)

කිලිනොච්චිය, මුරුසමොට්ටෙයි ප්‍රදේශයේ නිවසක සිටි තරුණයෙකුට ඊයේ (01) රාත්‍රියේ කිසියම් නාදුනන පිරිසක් විසින් තියුණු ආයුධ වලින් පහරදීම තිබෙන බවට වාර්තා වෙනවා.

මෙම පහරදීම හේතුවෙන් එම තරුණයා බරපතළ තුවාල ලබා රෝහල් ගතකොට ඇතැයි කිලිනොච්චිය පොලීසි ඒෂියන් මිරර් වෙත පවසා සිටියා.

මෙලෙස පහරකෑමට ලක්වූ තරුණයා නිවසේ නිදාසිටි අවස්ථාවේදී යතුරුපැදිවලින් පැමිණි මුහුණු ආවරණය කොට ගෙන සිටි පිරිසක් විසින් තියුණු ආයුධවලින් පහර දී තිබෙනවා.

 තරුණයා වෙත පහර දුන් මෙම කල්ලිය විසින් නිවසේ දේපලවලටද හානි කොට මිදුලේ නවතා තිබූ යතුරුපැදියකටද ගිනිතබා විනාශ කොට පලා ගොස් ඇති බවටයි වාර්තා වන්නේ.

පහරදීමෙන් බරපතල තුවාල ලැබූ තරුණයා කිලිනොච්චිය රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා යාපනය ශික්ෂණ රෝහලට යැවීමට රෝහල බලධාරීන් පියවර අරන්.

මෙම අමානුෂික පහරදීම සිදුකළ පිරිස් මේ දක්වා හඳුනාගෙන නොමැති අතර පෞද්ගලික හේතුවක් මත මෙම පහරදීම සිදුකරන්නට ඇති බවට  පරික්ෂණ සිදුකරන කිලිනොච්චිය පොලීසිය වැඩිදුරටත් පවසන්නේ.

සිදුවීමේ ඡායාරූප පහතින්,

(වන්නිය - රොමේෂ් මධුසංඛ)

Rate this item
(0 votes)
Last modified on Monday, 02 August 2021 13:51