April 27, 2024

මංගලගෙන් සජිත්ට කැත වැඩක් - කොල්ලො කෙල්ලො ගැන්සියක් උස්සලා

මංගල සමරවීර හිටපු අමාත්‍යවරයා " සැබෑ දේශප්‍රේමියෝ" නම් වූ නව ව්‍යාපාරයක් හඳුන්වා දී තිබෙනවා.

එය රැඩිකල් මැද මාවතේ ව්‍යාපාරයක් ලෙසයි මංගල සමරවීර මහතා විසින්ම හඳුන්වා වී තිබෙන්නේ.

තරුණ තරුණියන් සන්නද්ධ කිරීම

අනාගතයේ රට භාර ගැනීමට සිටින තරුණ ප්‍රජාව මතවාදාත්මකව සන්නද්ධ කිරීම එහි අරමුණ බවයි පැවසෙන්නේ.

එම හැඳින්වීමට අනුවම "අපි දේශප්‍රේමියෝ" ව්‍යාපාරය හඳුන්වාදීමේ මාධ්‍ය හමුවට සම්බන්ධ වූ එකම වයස්ගත පුද්ගලයා වූයේ මංගල සමරවීර මහතා පමණි.

අන් සියල්ලන්ම තරුණ තරුණියන් විය.

තරුණ කල්ලිය හොයා ගත් විදිහ

මේ තරුණ තරුණියන්ගෙන් බහුතරය මංගල සමරවීර මහතා සොයාගෙන ඇත්තේ කොහෙන්දැයි යන්න මේ වන විට හෙළිදරව් වී තිබෙනවා.

"සැබෑ දේශප්‍රේමියෝ" වටා මංගල සමරවීර මහතා ඒකරාශී කර තිබෙන පිරිස අතර සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුත් සමගි ජන බලවේගයේ තරුණ සංවිධානවල ක්‍රියාකාරීව සිටී පීරිස් බහුතරයක් සිටින බවයි දැනගන්නට තිබෙන්නේ.

සමගි ජන බලවේගයේ එම තරුණ පිරිස් වලින් බහුතරයක්ද එක්සත් ජාතික පක්ෂයෙන් කැඩී ආ අය.

රනිල් එක්කත් ගනුදෙනු

මංගල සමරවීර මහතා එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා සමගද ඉතා කිට්ටුවෙන් වැඩ කරන බව ප්‍රකට කරුණක්.

"සැබෑ දේශප්‍රේමියෝ" චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ පුත්‍රයා වන විමුක්ති කුමාරතුංග මහතාගේ දේශපාලන ගමන ආරම්භ කිරීම සඳහා නිෂ්පාදිත ව්‍යාපාරයක් බවට රාවයක් පැවතියද එය මංගල සමරවීර මහතා විසින් මාධ්‍ය හමුවේදී ප්‍රතික්ෂේප කළා.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 27 July 2021 14:10