May 03, 2024

රිෂාඩ්ගේ පවුලේ අය ගැන අධිකරණයෙන් අවසරයක්

රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයාගේ නිවසෙහි මෙහෙකාරකම් කළ දැරියගේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට පත් පිරිස අද (24) දින අධිකරණයට ඉදිරිපත් කරනු ලැබුවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේ අද ඔවුන් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ අංක 2 අධිකරණය වෙත ඉදිරිපත් කළ බව යි.

එහි දී ඔවුන්ව පැය 48ක් රඳවාගෙන ප්‍රශ්ණ කිරීමට අධිකරණය අවසර ලබා දී තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවේ පසුවන්නේ බදියුදීන් මන්ත්‍රීවරයාගේ බිරිඳ, මන්ත්‍රීවරයාගේ මාමණ්ඩිය, මන්ත්‍රීවරයාගේ මස්සිනා සහ මියගිය දැරිය මන්ත්‍රීවරයාගේ නිවසට රැගෙන ආ තැරැව්කරුයි.

මන්ත්‍රීවරයාගේ නිවසෙහි මෙහෙකාරකම් කළ බාලවයස්කාර දැරියක් පසුගිය දා සැක සහිත ලෙස මරණයට පත් වූ අතර එම දැරියගේ මරණ පරීක්ෂණයෙන් අනාවරණය වූයේ එම දැරිය ද කාලයක සිට දූෂණය වී ඇති බව යි.

රිෂාඩ් බදියුදීන් මහතාගේ බිරිඳගේ සොයුරා හෙවත් එම මන්ත්‍රීවරයාගේ මස්සිනා අත්අඩංගුවට ගනු ලැබුවේ මන්ත්‍රීවරයාගේ නිවසෙහි සේවය කළ තවත් තරුණියක් දූෂණය වී ඇති සිද්ධියක් සම්බන්ධයෙන්.

ඇය මේවන විට 22 හැවිරිදි වියෙහි පසුවන බව සඳහන්.

2015 වසර් සිට 2019 වසර දක්වා කාලය තුල ඇය බදියුදීන් මහතාගේ නිවසෙහි මෙහෙකාරියක ලෙස සේවය කර ඇති අතර ඇය දූෂණය වී ඇත්තේ එම කාලය තුළ දී යි.

ඒ අනුව පෙනී යන්නේ ඇය එම නිවසෙහි මෙහෙකාරකම් කිරීම අරඹා ඇත්තේ වයස අවුරුදු 16ක දැරියක්ව සිටිය දී බව යි.

අත්අඩංගුවට පත් වූ, මන්ත්‍රීවරයාගේ මස්සිනාවන තැනැත්තාගේ ස්ථිර පදිංචිය මැදවච්චිය ප්‍රදේශයේ බව ද වාර්තා වනවා.

ඔහු 44 හැවිරිදි වියෙහි පසුවන්නෙක්.

තරුණිය පොලීසියට අනාවරණය කර ඇත්තේ බදියුදීන් මන්ත්‍රීවරයාගේ මස්සිනා විසින් තමන්ව අවස්ථා දෙකක දී දූෂණය කළ බවට යි.

මෙලෙස අත්අඩංගුවට ගත් බදියුදීන්ගේ බිරිඳගේ සහෝදරයා 44 හැවිරිදි වියේ පසුවන මැදවච්චිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

අදාල කාලය තුල සැකකරු විසින් අවස්ථා දෙකකදී ඇයව දූෂණය කළ බවට වින්දිත තරුණිය පොලිසිට පවසා ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ.



Rate this item
(0 votes)
Last modified on Saturday, 24 July 2021 12:10