April 27, 2024

ප්‍රබල ඖෂධයක් රහස් තැන්වල සඟවාගෙන කළ දෙයක් හෙළිවෙයි

මෙරට භාවිත කරන ප්‍රබල වේදනා නාශක ඖෂධයක් වන මෝෆින් ඖෂධය මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන්ට අලෙවි කරන ජාවාරමක් පිළිබඳව හෙළිදරව් වී තිබෙනවා.

මෙම හෙළිදරව්ව කර තිබෙන්නේ ලංකා මානව හිමිකම් සංවිධානය විසිනි.

එහිදී ඔවුන් විසින් අනාවරණය කර සිටියේ මෙම ඖෂධය සාමාන්‍ය පුද්ගලයෙකුට ලැබුණු පසුව සිදුවන දේ පිළිබඳව සිතාගත නොහැකි බවත් අදාළ ඖෂධය මත්ද්‍රව්‍යයක් ලෙස මෙය භාවිත වීම බරපතළ තත්ත්වයක් බවයි.

හෙරොයින් භාවිත කරන පුද්ගලයෙකුට මෝෆින් වැනි ඖෂධයක් ලැබීම මහා ධනස්කන්ධයක් හා සමාන දෙයක් බවද එම සංවිධානය පවසා සිටිනවා. 

මොෆීන් ඖෂධය රුපියල් 1500කට වැනි මුදලකට අලෙවි කර ඇති බවද ඔවුන් වැඩිදුරටත් පවසා සිටියා.

මෙම ඖෂධය ජාවාරමේ නිරතව සිටින්නේ කාන්තාවක් බවත්, එම කාන්තාව සිය ගුද මාර්ගයේ සහ යෝනි මාර්ගයේ මෙම ඖෂධය සඟවාගෙන ගෙන යෑම සිදුකරන බවටද තොරතුරු අනාවරණ වී ඇති බවද ලංකා මානව හිමිකම් සංවිධානය විසින් අනාවරණය කර සිටිනවා.

අදාළ ජාවාරම පිළිබඳව පැමිණිල්ලක් වරකාගොඩ පොලීසිය වෙත යොමු කර තිබුණත් තවමත් මෙම ජාවාරම සිදුවන බවද ඔවුන් සඳහන් කළා.

Rate this item
(0 votes)