May 17, 2024

බස් එකේදී රහස් තැන් පෙන්වූ පුද්ගලයාට කාන්තාවක් කළ දේ

කැස්බෑව - පිටකොටුව පෞද්ගලික බස් රථයක් තුළදී කාන්තාවකට රහසිගත තැන පෙන්වූ පුද්ගලයෙකු හට අමතක නොවන පාඩමක් උගන්වන්නට කාන්තාවක් කටයුතු කර තිබෙනවා.

බොරැල්ල ප්‍රදේශයේ සුපිරි වෙළෙඳසැලක සේවය කරන මෙම කාන්තාව කැස්බෑව - පිටකොටුව බස් රථයක නැගී ගමන් කරන අවස්ථාවේ ඇය අසළින් නාඳුනන පුද්ගලයෙකු අසුන්ගෙන තිබෙනවා.

 පසුව එම පුද්ගලයා විසින් හොර රහසේ සිය ලිංගික අවයව එම කාන්තාවට පෙන්වීමට කටයුතු කර තිබුණා.

කිසිම ආකාරයකින් කලබල නොවුණු අදාළ කාන්තාව විසින් සියලු සිදුවීම් සිය ජංගම දුරකථනයේ කැමරාවේ සටහන් කරගෙන තිබුණේ සූක්ෂම ලෙසයි.

පසුව බස් රථයේ කොන්දොස්තරවරයාට අදාළ සිදුවීම කාන්තාව විසින් පවසා ඇති අතර ඔවුන් එක්ව එම පුද්ගලයාව කොහුවල පොලිස් ස්ථානයට අල්ලා දී තිබෙනවා.

Rate this item
(0 votes)