May 15, 2024

හිටපු ඇමතිගේ නිවසේ සිට මිය ගිය දැරියවත් මුදලට විකුණලා! Featured

පසුගිය 03 වැනිදා හිටපු අමාත්‍යවරයෙකු මෙන්ම වත්මන් සමගි ජන බලවේග පාර්ලිමේන්තු රිෂාඩ් බදියුදීන් මහතාගේ අංක 410/16, බෞද්ධාලෝක මාවත, කොළඹ 07 ලිපිනයේ තිබෙන නිවසේ මෙහෙකාර සේවයේ යෙදී බාලවයස්කාර දැරියක් සිටියදී හදිසි ගිනි ගැනීමකට හසුව තිබුණා.

බරපතළ තුවාල ලබා සිටි ඇයව කොළඹ පිහිටි ජාතික රෝහල වෙත ඇතුළත් කර තිබුණා. නමුත් එම දැරිය පසුගිය 15 වැනිදා ජීවිතක්ෂයට පත් වුණා.

මිය ගිය දැරියගේ දේහය ඩයගම ඇය ජීවත් වූ නිවස වෙත ගෙන ඒමට නියමිත බවයි වාර්තා වන්නේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කිව්ව කතාව

මෙම සිද්ධිය සම්බන්ධයෙන් බොරැල්ල පොලීසිය විසින් විමර්ශනයක් ආරම්භ කර ඇති බවට පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කර සිටියා.

එමෙන්ම මෙම සිදුවීමට අදාළව ප්‍රකාශ 10ක් පමණ සටහන් කරගෙන ඇති බවද මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළා.

මෙම දැරිය මීට මාස 09කට පමණ පෙර බොරැල්ලේ පිහිටි හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ගේ නිවසේ සේවය සඳහා පැමිණ ඇති බවත් මෙහිදී හෙළිව තිබෙනවා.

දැරියගේ මරණය  සම්බන්ධව මහේස්ත්‍රාත් පරික්ෂණයක් පසුගිය 15 වැනිදා සිදුකර ඇති අතර මෙම මරණය සම්බන්ධයෙන් අධිකරණය විසින් ඉදිරියේ දී තිරණයක් ලබාදීමට නියමිත බවද ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පවසා සිටියා.

දැරියගේ ඥාතියෙකුගෙන් ආන්දෝලනාත්මක කතාවක්

“දුප්පත්කමට බ්‍රෝකර් කෙනෙක් අල්ලාගෙන කොළඹට ගිහිල්ලා දාලා ආවා.. දාලා ආවට පස්සේ එතනින් සල්ලි ටිකක් හම්බ වුණා.. ඊට පස්සේ මෙගොල්ලෝ එකෙන් කාගෙන හිටියා.. මෙයාගේ හම්බුවෙන් තමයි කාගෙන හිටියේ..” ලෙසින් පැවසූ ඥාතිවරයා පවසා සිටියේ දැරියට සිය දිවි තොර කරගැනීමට හෝ එවන් දෙයක් සිදුකර ගැනීමට කිසිදු හේතුවක් නොතිබුණු බවයි.

රිෂාඩ්ගේ පවුලේ අයට ගැලවිය නොහැකි චෝදනාවක්!

2004 වසරේ දී උපත ලබා තිබූ ඉෂාලිනී ජූඩ් කුමාර් නැමැති මෙම දැරිය ගින්නක් හේතුවෙන් බරපතළ පිළිස්සූම් තුවාල ලබා කොළඹ ජාතික රෝහලේ දී මිය යන විට 16 වැනි වියේ පසු වුණා.

ඒ හේතුවෙන් බාලවයස්කාර දැරියක් මෙහෙකාර සේවයේ යෙදවීම යන චෝදනාව රිෂාඩ් බදියුදීන් මහතා ඇතුළු පවුලේ පිරිස වෙත චෝදනා එල්ල වී තිබෙනවා.

Rate this item
(1 Vote)