May 16, 2024

දැරියව මිලට ගත් අයගේ ලැයිස්තුවේ හැදුවේ ගවුම් ඇඳන් සිංදු කියන කෙනෙක්!

මෙරට දැඩි ආන්දෝලනාත්මක සිදුවීමක් වන වයස අවුරුදු 15ක දැරියක් අලෙවි කිරීමේ සිද්ධියට සම්බන්ධ යැයි සඳහන් වන ලැයිස්තුවක් පසුගියදා සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වුණා.

එම ලැයිස්තුව තුළ මෙරට ප්‍රධාන පෙළේ දේශපාලනඥයින්, භික්ෂූන් වහන්සේලා, සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් සහ කලාකරුවන්, විශ්ව විද්‍යාල ආචාර්යවරුන් ඇතුළු පිරිසකගේ නම් සඳහන්ව තිබුණා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා විසින් ප්‍රකාශයක් නිකුත් කරමින් පැවසුවේ අදාළ ලැයිස්තුව ව්‍යාජ එකක් බවයි.

මෙම ව්‍යාජ ලැයිස්තුව සම්බන්ධව අද (15) දිනයේ දී පූජ්‍ය උලපනේ සුමංගල හිමියන් සහ තවත් භික්ෂූන්වහන්සේලා පිරිසක් විසින් කොළඹ පිහිටි අපරාධ විමර්ශන දෙපාර්තුමේන්තුව වෙත පැමිණිල්ලක් ගොනු කරනු ලැබුවා.

පැමිණිල්ල දැමීමෙන් පසුව සුමංගල හිමියන් සඳහන් කර සිටියේ “විශේෂයෙන්ම මේ අසත්‍ය පුවත වෙබ් අඩවි හරහා නිර්මාණය කරන්නට යෙදුණේ, අපි පැහැදිළිව චෝදනා කරනවාෙ.. මේ රටේ කාන්තාවක් ද නොවන, පිරිමියෙක් ද නොවන ගවුම් ඇඳලා සිංදු කියන රාජපක්ෂ පාලනයේ හුරතලෙක් බවට පත් වෙලා ඉන්න නිවට, නීච, බියගුළු ගායකයෙකු හැටියට කූප්‍රකට නමක් දිනාගෙන තියෙන කුණුහරප සිංදු කියන මේ අසමත්ජාති, සමාජ විරෝධි ක්‍රියා කරන පුද්ගලයෙක් තමයි මීට මුල්වෙලා තියෙන්නේ…” යනුවෙනි.

පිටරටක නමක් දමාගෙන සිටියත් මෙම සිදුවීම කරන පුද්ගලයා කවුරුන්ද යන්න තමන් වහන්සේලා සොයාගෙන ඇති බවද උලපනේ සුමංගල හිමියන් පවසා සිටියා. 

එමෙන්ම මෙම අසත්‍ය පුවත සමාජ මාධ්‍ය ඔස්සේ බෙදාහැරි පුද්ගලයින්ගේ ද නම් ලැයිස්තුවක් මේ වන විට අපරාධ පරික්ෂණ දෙපාර්තුමේන්තුව වෙත ලබාදී ඇති බවද හිමියන් වැඩිදුරටත් සඳහන් කළා.

උලපනේ සුමංගල හිමියන් වැඩිදුරටත් සඳහන් කර සිටියේ තමන් වහන්සේලාව මඩ ගසා නැවැත්විය නොහැකි බවයි. 

පූජ්‍ය උලපනේ සුමංගල හිමියන් පළ කළ සම්පුර්ණ අදහස පහතින්,

Rate this item
(0 votes)
Last modified on Thursday, 15 July 2021 15:42