May 18, 2024

කාරය තුළ දී සිසුවියකට අමුතු පාඩමක් කියා දුන් IT ගුරුවරයා පොලිස් දැළේ

පාසල් ගුරුවරයෙකු විසින් පාසල් සිසුවියක් හට ලිංගික අතවර කර ඇති පුවතක් තඹුත්තේගම ප්‍රදේශයෙන් වාර්තා වෙනවා.

අදාළ ගුරුවරයා මීගලැව ප්‍රදේශයේ ප්‍රසිද්ධ පාසලක තොරතුරු තාක්ෂණ විෂය උගන්වන බව සඳහන්.

සිද්ධියට මුහුණ දුන් දැරිය සිය සොයුරා සමග පා පැදියකින් ගමන් කරමින් සිටියදී අදාළ ගුරුවරයා සිය මෝටර් රථයෙන් පැමිණ ඇති බව පැවසෙනවා.

ගුරුවරයා විසින් සිසුවිය රවටා මෝටර් රථයට නංවාගෙන ගොස් ඇති අතර පසුව එහිදීම ඇයව ලිංගික අතවරයට පත් කර ඇති බවයි වාර්තා වන්නේ.

සිද්ධියෙන් අනතුරුව දැරියගේ දෙමාපියන් මේ සම්බන්ධයෙන් පොලීසියට පැමිණිළි කර තිබෙනවා.

ඒ අනුව තඹුත්තේගම පොලීසියේ අපරාධ අංශය මගින් අදාළ ගුරුවරයා අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්.

තඹුත්තේගම පොලීසියේ අපරාධ අංශය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබනවා.

Rate this item
(0 votes)
Last modified on Saturday, 10 July 2021 00:36