May 19, 2024

වැවේ මාළු අල්ලන්නයි සිතා එලූ දැලට නොසිතූ දෙයක් හසුවෙයි

වැවක ධීවර කර්මාන්තයේ යෙදුණු පුද්ගලයෙකුගේ මාළු දැළක මළ සිරුරක් පැටලී තිබී හමුවීමේ පුවතක් මහව ප්‍රදේශයෙන් වාර්තා වෙනවා.

මෙය සිදුව ඇත්තේ මහව, කරඹේ, කුලසැන්දෑව වැවෙහි යි.

වැවෙහි එළන ලද මාළු දැලක පැටලි තිබූ මෙම සිරුර එම ග්‍රාමයේම වෙසෙන පුද්ගලයෙකුගේ බවට යි මේවන විට අනාවරණය වී ඇත්තේ.

ඔහු 42 හැවිරිදි වියෙහි පසුවන සිසිර කුමාර රත්නායක නමැති දෙදරු පියෙකු බව පොලීසිය සඳහන් කළා.

ගවයන් බැඳීමට බව කියමින් මෙම පුද්ගලයා නිවසින් පිටව ගොස් ඇත්තේ පසුගිය 29 වැනි දා යි.

ඉන් අනතුරුව අතුරුදන් වූ ඔහු පිළිබඳ ගම්වාසීන් එක්ව සොයා බැලීමට කටයුතු කර තිබෙනවා.

වැවෙහි එලා තිබූ මාළු දැළක පැටලී තිබූ සිරුර ගම් වාසීන් දැක ඇත්තේ ඒ අනුවයි.

ගල්ගමුව නැගෙනහිර දකුණු කෝරළයේ හදිසි මරණ පරීක්ෂකවරයා මේ සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කළ බවත් සිරුර ඥාතීන් විසින් හඳුනා ගත් බවත් පොලිසිය ප්‍රකාශ කළා.

Rate this item
(0 votes)
Last modified on Saturday, 03 July 2021 12:15