May 20, 2024

වාහන ගෙන්වීමේ තහනම මැද සිදු වූ අමුතු වැඩක් STF දැළේ

කොටස් එකලස් කොට නීති විරෝධී ආකාරයට නිෂ්පාදනය කළ සුඛෝපභෝගී කැබ් රථ දෙකක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

තිස්සමහාරාම ප්‍රදේශයේ දී මෙම වැටලීම සිදු කොට ඇත්තේ විශේෂ කාර්ය බලකාය විසින්.

මේවන විට අනාවරණය වී ඇත්තේ මෙම කැබ්රථ දෙක සමග අත්අඩංගුවට පත් පුද්ගලයා, පාතාල නායකයෙකුවන ‘කොස්ගොඩ රණාගේ’ සමීපතමයෙකු බව යි.

මෙම පුද්ගලයා සතුව නීති විරෝධී කැබ් රථ දෙකක් පවතින බවට ලැබුණු තොරතුරකට අනුවයි විශේෂ කාර්ය බලකාය විසින් මෙම මෙහෙයුම සිදු කොට ඇත්තේ.

අත්අඩංගුවට පත් පුද්ගලයා 27 හැවිරිදි අයෙක්.

වැඩිදුර පරීක්ෂණ සඳහා ඔහු තිස්සමහාරාම පොලීසියට භාර දී ඇති බව වාර්තා වූවා.

Rate this item
(3 votes)
Last modified on Monday, 28 June 2021 12:27