May 17, 2024

දෑත් ගැටගැසූ මළසිරුරක් කැළණි ගඟේ පාවෙයි - පොලීසියට සැකයක්

කැළණි ගඟේ පාවෙමින් තිබූ මළ සිරුරත් පිළිබඳව වාර්තා වනවා.

මෙම සිරුර පාවෙන බවට නිරීක්ෂණය වී ඇත්තේ නවගමුව ප්‍රදේශයෙන්.

අද (26) දහවල් මෙම සිරුර සොයාගත් බව පොලීසිය සඳහන් කළා.

විශේෂත්වය වන්නේ මෙම මළ සිරුරෙහි දෑත් ගැටගසා තිබීම යි.

මේ අතර මෙම සිරුර හංවැල්ල ප්‍රදේශයේ දී පැහැරගැනීමට ලක් වූ අයෙකුගේ බවට සැක කෙරෙනවා.

පසුගිය 23 වැනි දා මෙම පැහැරගැනීම සිදුව තිබුණා.

ඔහු 54 හැවිරිදි පුද්ගලයෙක්.

අදාළ පුද්ගලයා හල්දුම්මුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවත්, සිය අනියම් බිරිඳ සමග හංවැල්ල ප්‍රදේශයේ තාවකාලිකව පදිංචි වී සිට ඇති බවටත් අනාවරණය වී තිබෙනවා.

හංවැල්ල සහ නවගමුව පොලිස් ස්ථාන විසින් මෙම සිරුර සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබනවා.

Rate this item
(0 votes)
Last modified on Saturday, 26 June 2021 18:24