April 27, 2024

ලෝපතල 'වෛරස් ගාඩ්' නිර්මාතෘ දිවි නසාගනී Featured

ලෝක ප්‍රසිද්ධ මැකෆී (McAfee) ප්‍රති වෛරස මෘදුකාංගයේ නිර්මාතෘවරයාවන ජෝන් මැකෆී මහතා සියදිවි නසාගෙන මරණයට පත් වී තිබෙනවා.

මැකෆීට විරුද්ධව බදු වංචා චෝදනා එල්ල වී තිබූ අතර ඒ වෙනුවෙන් ඔහු රඳවා තිබූයේ ස්පාඥ්ඥයේ බාසිලෝනා නුවර පිහිටි සිරගෙදරක යි.

ඉදිරි අධිකරණ කටයුතු සඳහා ඔහු අමෙරිකා එක්සත් ජනපදය වෙත යැවීමට ස්පාඥ්ඥ බලධාරීන් සූදානම්ව සිටියා.

කෙසේ වෙතත් ස්පාඥ්ඥයේ පළවන “El País” පුවත්පත වාර්තා කර ඇත්තේ ජෝන් මැකෆී මහතාගේ මළ සිරුර ඔහු රඳවා තිබූ සිර කුටිය තුළ තිබී හමුවූ බවයි.

ඔහු දිවි නසාගෙන ඇති බව ස්පාඥ්ඥ ආරංචි මාර්ග උපුටමින් ජාත්‍යන්තර මාධ්‍ය පවසනවා.

කැටලෝනියානු අධිකරණ දෙපාර්තමේන්තුව ඒ බව රොයිටර්ස් පුවත් සේවයට තහවුරු කළ බව එම පුවත් සේවය ද ප්‍රකාශ කළා.

මියයන විට මැකෆී මහතා පසු වූයේ 75 වැනි වියේ යි.

බාසිලෝනා ගුවන්තොටුපොලේ දී ඔහු අත්අඩංගුවට පත් වූයේ පසුගිය වසරේ ඔක්තෝබරයේ දීයි.

එතැන් සිටි ඔහු සිරගත කර සිටියා.

ඔහුට එල්ල වී ඇති චෝදනා ඔප්පු වූයේ නම් වසර 30කට වැඩි සිර දඬුවමක් හිමි වීමට තිබුණු බව ඇසෝසියේටඩ් ප්‍රෙස් පුවත් සේවාව ප්‍රකාශ කරනවා.

මේ අතර ජෝන් මැකෆී මහතාගේ නීතීඥයින් චෝදනා නගන්නේ කිසිදු හේතුවකින් තොරව ඔහුව දීර්ඝ කාලයක් සිරගත කර තැබීමට හේතු වූ කෘෘර අධිකරණ ක්‍රමය මෙම මරණයට වගකිව යුතු බවට යි.

Rate this item
(1 Vote)