March 19, 2024

මාධ්‍යවේදිනියන්ට ආයතන තුළම ලිංගික හිරිහැර - රජයෙන් විශේෂ විමර්ශනයක්

මෙරට මාධ්‍යවේදිනියන් හට සිය සේවා ස්ථානයේ දී සිදුවන ලිංගික හිරිහැර පිළිබඳව, අද (22) පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය සාකච්ඡාවේ දී මාධ්‍යවේදීන් විමසා සිටියා.

ඒ ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතාගෙන්.

එවැනි සිද්ධීන් බොහොමයක් පිළිබඳව මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ හෙළිදරව් වෙමින් පවතින අතර ඒ පිළිබඳව දැනුවත් ද යන්න මාධ්‍යවේදීන් එහි දී ජනමාධ්‍ය අමාත්‍යවරයාගෙන් විමසුවා.

රඹුක්වැල්ල අමාත්‍යවරයා ප්‍රකාශ කළේ තමන් ඒ පිළිබඳව දැනුවත් නමුත්, එවැනි සිද්ධීන් පිළිබඳව නිල පැමිණිලි කිසිවක් මේවන තෙක් ලැබී නොමැති බවයි.

ඒ ආකාරයෙන් නිල පැමිණිල්ලක් ලැබෙන්නේ නම් එයට ක්ෂණික පියවර ගැනීමට හැකි බව ද අමාත්‍යවරයා පෙන්වා දුන්නා.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් තම අමාත්‍යංශය විශේෂයෙන් සොයා බලා අනිවාර්යයෙන් අවශ්‍යය පියවර ගැනීමට බලාපොරොත්තුවන බවයි කෙහෙලිය රඹුක්වැල්ල අමාත්‍යවරයා අවධාරණය කළේ.

Rate this item
(1 Vote)
Last modified on Tuesday, 22 June 2021 17:33