April 27, 2024

'මාල ගිරවා' අත්අඩංගුවට

දිවයිනේ විවිධ ප්‍රදේශවලදී රන් මාල 16ක් පමණ සොරකම් කළ බවට චෝදනා එල්ල වූ පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට කටුගස්තොට පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් සමත් වී තිබෙනවා.

මොහු “හුළං” නොහොත් “මාල ගිරවා” නමින් හැඳින්වෙන්නෙකු බවයි වාර්තා වන්නේ.

දිවයිනේ විවිධ ප්‍රදේශවලදී රන් මාල 16ක් පමණ සොරකම් කළ බවට මොහුට චෝදනා එල්ලවනවා.

මෙම පුද්ගලයා කටුගස්තොට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත්තේ රන් මාල 4ක් කොල්ලකෑමේ චෝදනාවකට යි.

එහෙත් මීට පෙර රන් මාල 12ක් කොල්ලකෑමේ වරදට මොහුට විරුද්ධව අධිකරණය හමුවේ නඩු ගණනාවක්ම විභාග වෙන බව පොලිසිය පවසනවා.

එමෙන්ම මොහුට විරුද්ධව ගලගෙදර, ගම්පොළ, කඩුගන්නාව ආදී ප්‍රදේශවල සිදුවූ සොරකම් කිහිපයක් සම්බන්ධයෙන් වරෙන්තු හතරක් පමණ තිබෙන බවද පොලිසිය පවසා සිටියා.

කටුගස්තොට පොලිස් වසම තුළ දී මෙම පුද්ගලයා විසින් මෑතකාලීනව සොරාගන්නා ලද රන් මාල හතරෙන් දෙකක් සොයාගෙන ඇති අතර ඒවායේ වටිනාකම රුපියල් එක්ලක්ෂ පනස් දහසක් පමණ වනවා.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 22 June 2021 07:31