April 27, 2024

ඉම්තියාස්ගෙනුත් සජිත්ට අප්‍රසාදය

සමගි ජන බලවේගයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය සහ කළමනාකරණ කමිටුව නිසි ලෙස රැස් නොවිම සම්බන්ධයෙන් එම පක්ෂයේ ජේෂ්ඨතම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන ඉම්තියාස් බකීර් මාකර් මහතා පක්ෂ නායකයා වෙත සිය අප්‍රසාදය පලකොට පළ කොට තිබෙන බව ආරංචි මාර්ග පෙන්වා දෙනවා.

පක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ ප්‍රශ්න වලට විසඳුම් නොමැති වීමට ප්‍රධාන හේතුව එය බවයි මන්ත්‍රීවරයා වැඩිදුරටත් පක්ෂ නායකයාට දන්වා තිබෙන්නේ.

මන්ත්‍රීවරුන් තිදෙනෙකු ගැන චෝදනා

බාකීර් මාකර් මන්ත්‍රීවරයාට පක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අමතා මෙසේ සඳහන් කිරීමට සිදුව තිබෙන්නේ හරින් ප්‍රනාන්දු , මනුෂ නානයක්කාර හා එස් එම් මරික්කාර් යන මන්ත්‍රීවරුන් සම්බන්ධයෙන් ඇතිවූ ප්‍රශ්නයක් මුල් කොට ගෙනයි.

ඉහත සඳහන් මන්ත්‍රීවරුන් තිදෙනා පක්ෂයට විරුද්ධව වැඩ කරන බව ලක්ෂ්මන් ෆොන්සේකා නැමැත්තෙක් තැන තැන කිය කිය යන බවට මන්ත්‍රීවරු තමන්ට දැනුම් දුන් බවත් තමන් ඒ සම්බන්ධයෙන් සොයා බැලූවිට එය බොරුවක් බවට තහවුරු වූ බව සජිත් ප්‍රේමදාස මහතා මීට ටික දිනකට පෙර පැවැති සමගි ජන බලවේගය මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම හමුවේ සදහන් කොට තිබෙනවා.

ඒ කතාව බොරුවක්

ලක්ෂ්මන් ෆොන්සේකා නැමැති පුද්ගලයා තමාගේ දෙවැනි මනමාලයා බව හෙළිදරව් කළ පක්ෂ නායකයා ඔහු පක්ෂයේ දේශපාලන තීන්දු ගැනීමේ කටයුතු වලට කිසිසේත්ම දායක නොවන බවයි මන්ත්‍රී කණ්ඩායම හමු වේ සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් සඳහන් කොට තිබෙන්නේ.

බකීර් මාකර් මන්ත්‍රීවරයා ඉහත ප්‍රතිචාරය දක්වා ඇත්තේ පක්ෂ නායකයාගේ මෙම අදහස් දැක්වීම පදනම් කොටගෙනය.

බාකීර් මාකර් මන්ත්‍රීවරයා ඉතා නිහඬ පිළිවෙතක් අනුගමනය කරන තමන් ඉදිරිපත් කරන අදහස තාර්කිකව ඉදිරිපත් කරන මන්ත්‍රීවරයෙකු ලෙසයි පිළිගැනෙන්නේ.

Rate this item
(0 votes)
Last modified on Monday, 21 June 2021 17:52