May 08, 2024

බිරිඳ සජබ මන්ත්‍රී - සැමියා එජාප හිටපු මන්ත්‍රී - නිවස තුළ වූ තහනම් වැඩේ මාට්ටු!

මාතර, මාකාවිට ප්‍රදේශයේ නිවසක් තුළ නීති විරෝධී මත්පැන් නිෂ්පාදනයේ නිරතව සිටි දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට පත් වී ඇත්තේ මාතර ප්‍රාදේශීය සභාවේ එක්සත් ජාතික පක්ෂයේ හිටපු මන්ත්‍රීවරයකු හා ඔහුගේ ගෝලයකු බව යි වාර්තා වන්නේ.

එමෙන්ම එම හිටපු මන්ත්‍රීවරයාගේ බිරිඳ සෞඛ්‍ය ක්ෂේත්‍රයට අයත් රාජ්‍ය සේවිකාවක්වන බවත්, එපමණක් නොව ඇය සමගි ජන බලවේගයේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරියක් බවත් වාර්තා වෙනවා.

මොවුන්ගේ තෙමහල් නිවස තුළ ඇති සාදාගෙන යන කාමරයක් තුළ ගෑස් ලිපක් යොදාගෙන මෙම ජාවාරම පවත්වාගෙන ගොස් ඇති බව පොලීසිය සඳහන් කරනවා.

ගෝඩා මිලි ලීටර් 20000ක්, කසිප්පු මිලි ලීටර් 4750ක් සහ ඒවා පෙරීමට ගන්නා උපකරණ ද පොලීස් භාරයට ගෙන ඇති අතර අත්අඩංගුවට ගත් දෙදෙනා මාතර මහේස්ත්‍රාත්  අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත යි.

Rate this item
(2 votes)
Last modified on Wednesday, 16 June 2021 08:03