April 26, 2024

ඩී මංජුගේ බිරිඳ අත්අඩංගුවට

ඝාතනයට ලක්වූ සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන දඩල්ලගේ මංජු හෙවත් ඩී. මංජු නැමැත්තාගේ බිරිඳ වන සුදේශිකා සඳරුවනි නමැත්තිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ මත්ද්‍රව්‍ය ලඟ තබාගෙන සිටිය දී.

මීගමුව කොට්ඨාස අපරාධ විමර්ශන අංශය විසින් ඇයව අත්අඩංගුවට ගෙන ඇත්තේ සිය නිවසේ සිටිය දී.

ඇය පදිංචිව සිටින වත්තල, ඔලියමුල්ල නිවස හදිසි පරීක්ෂාවකට ලක් කිරීමේ දී ඇය සන්තකයේ තිබී මත්ද්‍රව්‍ය හමුවී ඇති අතර ඒ අනුව ඇයව අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඇයට අමතරව ඒ මොහොතේ එහි සිටි ඇගේ සොහොයුරා සහ තවත් පුද්ගලයෙකු ද අත්අඩංගුවට ගෙන ඇත්තේ මත්ද්‍රව්‍ය ලඟ තබාගෙන සිටියදී යි.

ඩී. මංජුගේ බිරිඳ සන්තකයේ තිබී රුපියල් ලක්ෂ 15ක් පමණ වන හෙරොයින් ග්‍රෑම් 100ක් සහ මිලිග්‍රෑම් 250ක් වශයෙන් පොලිස් භාරයට ගෙන ඇති අතර ඇගේ සහෝදරයා සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 5යි මිලිග්‍රෑම් 700ක් සොයා ගැනීමට පොලීසිය සමත් වූවා.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 15 June 2021 17:40