April 27, 2024

"මන්ත්‍රීකම කරන්න ඕන මේ විදියට" - රනිල්ට රාජිතගෙන් උපදෙස් මාලාවක්

එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස පැමිණීම පිළිබඳව සිය පාර්ශවයට කිසිදු ප්‍රශ්නයක් නොමැති බවයි වෛද්‍ය රාජිත සේනාරත්න මහතා අවධාරණය කරන්නේ.

1977 සිට හිටපු නිසා ආයෙ පාර්ලිමේන්තුවට පැමිණියාට හෙන්චයියන් කියන විදිහට කතා පවත්වන්න ,වැඩ කරන්න යන්න එපා යැයි වෛද්‍ය රාජිත සේනාරත්න සේනාරත්න මහතා රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ඉල්ලීමක් කරනවා.

මහත්තයෙක් විදිහට ඉන්න

මේ අන්තිම කාලේ වැදගත් කීර්තිමත් විදිහට කටයුතු කරන ලෙස වික්‍රමසිංහ මහතාගෙන් ඉල්ලා සිටින සේනාරත්න මහතා පහුගිය කාලේ කරපු දේවල් මැකී යන විදියට නමක් හදා ගන්නා ලෙසටද යෝජනා කරනවා.

එහෙම නැතුව හැප්පෙන්න හිතන් ආවොත් එහෙම හැප්පෙන්න බැරි බව වික්‍රමසිංහ මහතාට මතක් කර දෙන සේනාරත්න මහතා සමගි ජන බලවේගයේ 50කට ආසන්න පිරිසක් සමඟ තනියෙන් හැප්පෙන්න බැරි බව අවබෝධ කර ගන්නා ලෙසද සඳහන් කරනවා.

කයිවාරුවලට රැවටෙන්න එපා

එක්සත් ජාතික පක්ෂයට ඊයේ පෙරෙදා පැමිණ අය ගහන කයිවාරු වලට නොරැවටෙන ලෙසයි සේනාරත්න මහතා එ.ජා.ප නායකයාගෙන් ඉල්ලා සිටින්නේ.

වික්‍රමසිංහ මහතා හෙන්චයියන් කියන විදිහට හැසිරෙනු ඇතැයි තමන් විශ්වාස නොකරන බවයි සේනාරත්න මහතා පෙන්වා දෙන්නේ.

තනි මිනිහා නායකයා කරන්න මොලේ අමාරුවක් නැහැ

54 ඉන්න තැනට වෙන පක්ෂයක එක්කෙනෙක් ආවම එයා නායකයා වෙනවා කියන්න තරම් මොලේ අමාරු වසංගතයක් කාටවත් නොමැති බවයි වෛද්‍යවරයකු වන සේනාරත්න මහතා වැඩිදුරටත් සඳහන් පෙන්වා දෙන්නේ.

වෛද්‍ය රාජිත සේනාරත්න සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා රනිල් වික්‍රමසිංහ මහතාට මෙම අනතුරු ඇඟවීම කරන ලද්දේ මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින්.

රනිල් වික්‍රමසිංහ මහතා තවමත් මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම් දී නොමැති අතර පසුගිය මහ මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයට හිමි වූ එකම මන්ත්‍රීධූරය වන ජාතික ලැයිස්තු මන්ත්‍රීධූරය සඳහා ඔහුගේ නම පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය විසින් අනුමත කොට තිබෙනවා.

රාජිත  සේනාරත්න මහතා දැක්වූ අදහස සහිත වීඩියෝව පහතින්,

Rate this item
(0 votes)
Last modified on Friday, 11 June 2021 18:37

Related items