May 12, 2024

නෞකාවේ 'කළු පෙට්ටිය' සොයා ගනී (PHOTOS)

මුහුදුබත් වෙමින් පවතින එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ "කළු පෙට්ටිය" හෙවත් VDR (Voyage Data Recorder) උපාංගය සොයා ගැනීමට නාවික හමුදාව සමත් වී තිබෙනවා.

විශේෂ කිමිදුම් මෙහෙයුමකින් අනතුරුව එය නෞකාවෙන් ගලවා ගොඩගෙන ඇති බවයි වාර්තා වන්නේ. නාවික හමුදාව විසින් එය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාර දුන් බව පොලීසිය ප්‍රකාශ කළා.

නෞකාවක ගමන අතරතුර සිදුවන සියළු සන්නිවේදනයන් මෙම VDR උපාංගය තුළ සටහන්වන අතර එක්ස්ප්‍රස් පර්ල් නෞකාව වරායන් සමග සහ සිය සමාගම සමග සිදු කළ සන්නිවේදනයන් පිළිබඳ අනාවරණය කර ගැනීමට මෙමගින් හැකිවනු ඇති.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් නෞකාවෙහි කාර්ය මණ්ඩලයෙහි ප්‍රකාශ දැනටමත් ලබාගෙන තිබෙනවා.

image host
Rate this item
(0 votes)

Related items