May 18, 2024

ගිනිගන්නා නෞකාව ගැන ජාත්‍යන්තරයෙන් ආන්දෝලනාත්මක අනාවරණයක්

image host

කොළඹ වරායට ඔබ්බෙන් ගිනිගන්නා එක්ස්ප්‍රස් පර්ල් නෞකාව පිළිබඳ ආන්දෝලනාත්මක පුවතක් ජාත්‍යන්තර වෙබ්අඩවියක් විසින් වාර්තා කර තිබෙනවා

සමුද්‍රය සම්බන්ධ පුවත් වාර්තා කරන ස්ප්ලෑෂ් (Splash) වෙබ් අඩවියෙහි මෙම පුවත පළ කර ඇති අතර එහි දැක්වෙන්නේ මෙවන් අනතුරක් පිළිබඳ පූර්ව ඉඟි ලැබුණු වහාම නෞකාවේ කපිතාන්වරයා විසින් ජාත්‍යන්තර වරායන් දෙකකින් පිවිසීමේ අවසර ඉල්ලා ඇති බවයි.

ශ්‍රී ලංකාවට කිලෝමීටර ගණනාවක් ඈත අරාබියානු මුහුදේ දී එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙහි කාර්යය මණ්ඩලය විසින් එහි කන්ටේනරයක අම්ල කාන්දුවක් සිදුවන බවට දැක ඇති බවත්, ඒ හරහා සිදුවිය හැකි විනාශය වටහාගත් ඔවුන් ඉන්දියාවේ හසිරා සහ කටාර්හි හමාඩ් යන වරායන් දෙක අමතා එම වරායන්ට ඇතුළු වීම සඳහා අවසර ඉල්ලා ඇති බවත් අදාළ වාර්තාවෙයි දැක්වෙනවා.

මෙම වරායන්ට ඇතුළු වී සැක සහිත බහාලුම් ගොඩබෑමට නෞකාවේ කාර්යය මණ්ඩලය අදහස් කර ඇති අතර ඒ හරහා සිදුවිය හැකි විනාශයක් වළක්වා ගැනීමයි ඔවුන්ගේ අරමුණ ඉල්ලා ඇත්තේ.

කෙසේ වෙතත් එම වරායන් දෙකම නෞකාවට සිය වරායන්ට ඇතුළු වීමට අවසර ලබා දී නැහැ.

ඒ අනුවයි අදාළ නෞකාව කොළඹ වරාය වෙත පැමිණ ඇත්තේ.

මේ අනුව මේවන විට ශ්‍රී ලංකා සාගර සහ වෙරළාශ්‍රිත පරිසර පද්ධතිය මෙන්ම මෙරට ආශ්‍රිත වායුගෝලයද දැඩි ලෙස දූෂණයට ලක් කරමින් සිදුවන පරිසර විනාශය වළක්වා ගැනීමට හැකියාව තිබූ බව යි අනාවරණය වී ඇත්තේ.

එමෙන්ම මුල් අවස්ථාවේ දී අදාළ නෞකාවට ඉන්දීය සහ කටාර් වරායන් විසින් පිවිසීමට අවසර දුන්නේ නම් ප්‍රශ්ණගත කන්ටේනරය පමණක් ගොඩබෑමට හැකිවන නිසා නෞකාවේ අනෙක් කන්ටේනර හෝ නෞකාව ගිනි ගැනීමෙන් සිදු වූ හානිය ද වළක්වා ගත හැකිව තිබුණා.

මේ අතර සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සාමාන්‍යාධිකාරී ටර්නි ප්‍රදීප් කුමාර මහතා අනාවරණය කළේ අම්ල කාන්දුවක් පවතින බවට ඉන්දීය සහ කටාර් වරායන්වලට අදාළ නෞකාව විසින් දැනුම් දුන් නමුත් එවන් කාන්දුවක් පිළිබඳ කොළඹ වරාය දැනුවත් කිරීමට කටයුතු කර නොමැති බවයි.

 

එවැන්නක් පිළිබඳ දැනුම් දී ඇත්තේ නෞකාවෙන් දුමක් නැගීමෙන් අනතුරුව බව ද ඔහු පැවසුවා.

මේ අතර එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ හිමිකාරිත්වය දරන “එක්ස්ප්‍රස් ෆීඩර්ස්” සමාගමෙහි විධායක සභාපතිවරයා චෝදනා කරන්නේ, දුර්වල ඇසුරුම්කරණය හේතුවෙන් නෞකාවේ ඇසිඩ් කාන්දු වීම සිදුවූ බවයි.

 

මේවන විට සම්පූර්ණ නෞකාව මෙන්ම එහි පටවා තිබූ කෝටි ගණනක වටිනාකමින් යුතු භාණ්ඩ ඇතුළත් කන්ටේනර් සියල්ල ද ගින්නෙන් විනාශ වී තිබෙනවා.

කොළඹ වරායට ලඟා වූ නෞකාව අදාළ අම්ල කාන්දුව හේතුවෙන් ගිනි ගත්තේ පසුගිය 20 වැනි දා වන අතර පෙරේදා (25) එහි ඇති වූ පිපිරීමත් සමග ගින්න නෞකාව පුරා පැතිර ගියා.

image host
Rate this item
(1 Vote)

Related items