May 18, 2024

ගිනිගන්නා නැවේ නවතම තත්ත්වය (VIDEO)

(වීඩියෝව මෙම පුවත අවසානයේ)

මේවන විට ගිනිගනිමින් පවතින X-PRESS PEARL නෞකාවෙහි නවතම තත්ත්වය දැක්වෙන වීඩියෝවක් ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් නිකුත් කර තිබෙනවා.

ගුවන් හමුදාවට අයත් හෙලිකොප්ටරයකින් නෞකාව නිරීක්ෂණය කරන අතරතුර යි මෙම වීඩියෝව ලබාගෙන ඇත්තේ.

එම දර්ශනවලට අනුව අදාළ නෞකාව මේවන විටත් ගිනිදළු සහ කලු දුමාරය නංවමින් ගිනි ගනිමින් පවතිනවා.

එමෙන්ම නෞකාව තුළ තිබූ යම් කිසි ද්‍රව්‍යයක් ජලය මතුපිට පුරා විසිර ඇති ආකාරය ද දක්නට හැකියි.

සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සභාපතිනී දර්ශනී ලහඳපුර මහත්මිය ප්‍රකාශ කළේ ඊයේ (24) සවස සහ රාත්‍රී කාලයේ බල පෑ අධික සුළං තත්ත්වය සහ සාගර ජලයේ පැවැති දැඩි කැළඹිලි ස්වභාවය ගින්න වර්ධනය වීමට හේතු වී ඇති බවයි.

මෙම තත්ත්වයත් සමග අද උදෑසන නෞකාවෙහි ගිනි ගනිමින් තිබූ ප්‍රදේශයේ පිපිරීමක් සිදුව තිබෙනවා.

එම පිපිරීමත් සමගයි මේවන විට ගිනි දළු නෞකාවෙන් දැඩි ලෙස නැගෙමින් පවතින්නේ.

පිරීමත් සමග නෞකාවේ තිබු බහාලුම් 8ක් මුහුදට වැටුණු අතර ඉන් එකක් මේවන විට ජලය මතුපිට පාවෙමින් පවතින බව සඳහන්.

මෙම නෞකාවෙහි එතනෝල්, නයිට්‍රික් අම්ල සහ වෙනත් රසායනික ද්‍රව්‍ය තොගයක් මෙන්ම රූපලාවන්‍ය ද්‍රව්‍ය තොගයක් ද පවතිනවා.

25 දෙනෙකුගෙන් යුතු සේවකයින් පිරිසක් එහි සිටි අතර මේවන විට එම සියලුම සේවකයින් මුදවාගෙන ඇති බව නාවික හමුදාව පැවසුවා.

එම පිරිස අතර සිටි ඉන්දීය ජාතිකයින් දෙදෙනෙකු තුවාළ ලබා ඇති බවත් ඔවුන් මේවන විට රෝහල්ගත කර ඇති බවත් සඳහන්.

ගුවන් හමුදාව ගින්න මැඩපැවැත්වීම සඳහා මේවන විට හෙලිකොප්ටර් යානා යොදවා ඇති බව ගුවන් හමුදාව සඳහන් කළා.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 25 May 2021 14:03

Related items