April 26, 2024

මේ බොන ගාන මදිද? ඩයනා මෙන්න ගණන් හිලව්

මෙරට මත්පැන් අලෙවිය වැඩි දියුණු කළ යුතු බැවින් මත්පැන් වෙළඳසැල් විවෘත කර තැබීමේ වේලාවන් වෙනස් කළ යුතු බවට මතභේදාත්මක යෝජනාවක් ඩයනා ගමගේ මන්ත්‍රීවරිය ඉකුත් සතියේ පාර්ලිමේන්තුවේදී කරන ලදී.

ඩයනා ගමගේ මන්ත්‍රීවරිය එම යෝජනාව කරමින් සඳහන් කළේ උදෑසනම මිනිසුන් මත්පැන් පානය නොකරන බැවින් දහවල් වී මත්පැන් සල් විවෘත කොට ඒවා මධ්‍යම රාත්‍රිය ඉක්ම වන තෙක් විවෘත කර තැබීමෙන් මත්පැන් අලෙවිය වැඩි කරගත හැකි බවය.

සමගි ජන බලවේගය ජාතික ලයිස්තු මන්ත්‍රීවරියක ලෙස පත්ව මේ වන විට ආණ්ඩුවට එකතු වී සිටින ගමගේ මන්ත්‍රීවරිය මත්පැන් සම්බන්ධයෙන් කළ යෝජනාවට අදාළ දත්ත රැසක් සමගි ජන බලවේගයේම මන්ත්‍රීවරයෙකු වන බුද්ධික පතිරණ මහතා විසින් එළිදරව් කොට තිබේ.

පතිරණ මන්ත්‍රීවරයා ඉදිරිපත් කරන දත්ත වලට අනුව ලක්ෂ 220ක් සිටින මෙරට මාසිකව පානය කරන මත්පැන් බෝතල් සංඛ්‍යාව ලක්ෂ 400 කි.

ඒ අනුව බලද්දී වාර්ෂිකව මෙරට මත්පැන් අලෙවිය බෝතල් ලක්ෂ 4800 කි.

ඩයනා ගමගේ මන්ත්‍රීවරියගේ යෝජනාවට අනුව පෙනී යන්නේ ඉහත සඳහන් මත්පැන් අලෙවිය සම්බන්ධයෙන් ඇති ගණන් හිලව් තවත් ඉහල දැමිය යුතු බවය.

තමන් මත්පැන් ප්‍රවර්ධනය සම්බන්ධයෙන් කළ යෝජනාවට ආණ්ඩුවේ ඉහළම වගකිව යුත්තන්ගේ විරෝධයක් එල්ල වූයේ දැයි එක්තරා සති අන්ත ජාතික පුවත්පතක් ඩයනා ගමගේ මන්ත්‍රීවරියගෙන් විමසා තිබූ අතර ඊට පිළිතුරු දෙමින් මන්ත්‍රීවරිය සඳහන් කළේ තමන්ට ආණ්ඩුවේ ඉහළම තැන් වලින් ඒ පිළිබඳව කිසිදු විරෝධතාවයක් නොදැක් වූ බවත් ඒ ආණ්ඩුවේ ඉහළම තැන් එම යෝජනාව අනුමත කරන නිසා බවත්ය.

20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් සමගි ජන බලවේගය ගත් ප්‍රතිපත්තිමය තීන්දුවට පටහැනිව යමින් ඊට පක්ෂව ආණ්ඩුවක් සමග ඡන්දය දුන් ඩයනා ගමගේ මන්ත්‍රීවරිය මේ වන විට ආණ්ඩු පක්ෂයේ පසුපෙළ අසුනක අසුන් ගෙන සිටී

Rate this item
(0 votes)
Last modified on Saturday, 01 May 2021 16:20

Related items