ආණ්ඩු පක්ෂය සහ විපක්ෂය අතර ඇතිවූ උණුසුම් තත්වයක් හේතුවෙන් පාර්ලිමේන්තුවේ වැඩකටයුතු විනාඩි 10කට කල් තැබීමට කතානායකවරයා තීරණය කළේය.
කතානායකවරයා විසින් ප්‍රධාන වැඩ කටයුතු ආරම්භ කිරීම නිවේදනය කිරීමත් සමග සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ඉල්ලා සිටියේ දේශපාලන පලිගැනීම් කොමිසම් වාර්තාව පිළීබඳ විවාදය ආරම්භ කිරීමට විපක්ෂයට ලබා දෙන ඉල්ලීමත් සමඟ ආණ්ඩු පක්ෂය සහ විපක්ෂය අතර උණුසුම් වචන හුවමාරුවක් ඇති විය.
එම විවාදය ආණ්ඩු පක්ෂය විසින් ආරම්භ කළ යුතු බව සභා නායක දිනේෂ් ගුණවර්ධන මහතා මෙහිදී පැවසූ අතර උණුසුම් තත්ත්වය ඇති වූයේ ඒ අවස්ථාවේදීය.