April 27, 2024

“තරුණියගෙන් ප්‍රශ්න කරලා වැඩක් නැහැ - ඉඩම ගැන මට සැකයක් තියෙනවා”

සිංහරාජයේ දැඩි මතවාදයකට තුඩු දී තිබෙන ඉඩම පෞද්ගලික ඉඩමක් නම් එම ඉඩම පිළිබඳව භාග්‍යා අබේරත්න නම් (19) හැවිරිදි තරුණියගෙන් ප්‍රශ්න නොකළ යුතු බව පරිසරවේදී නීතිඥ ජගත් ගුණවර්ධන මහතා සඳහන් කර සිටියි.

එමෙන්ම මාධ්‍ය විසින් මෙම හෙළි කරන්නේ තරුණිය විසින් පැවසූ ඉඩමද යන්න මාධ්‍ය විසින් තහවුරු කරගත්තේ කෙසේද යන්නත් ඒ මහතා ප්‍රශ්න කර සිටින අතර ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේ මෙම සිදුවීම සම්බන්ධයෙන් මාධ්‍ය තුළ කිසිදු විශේෂිත ඉඩමක් නම් කරන ආකාරයක් තමන් නොදුටු බවයි.

පෞද්ගලික ඉඩමක හෙක්ටයාර් 1කට වැඩි වනාන්තර ඉඩමක දැව හෙලීමක් කරනවා නම් අනිවාර්යෙන්ම ඒ සඳහා පාරිසරික බලපෑම් තක්සේරු වාර්තාවක් කළ යුතු වන බවද ජගත් ගුණවර්ධන මහතා පවසා සිටියේය. 

එම ඉඩම පිහිටා තිබෙන්නේ සංවේදී කලාපයක නම් ඉඩමේ වපසරිය නොසලකා පාරිසරික බලපෑම් තක්සේරු වාර්තාවක් ලබා ගත යුතු බවද පරිසරවේදී නීතිඥ ජගත් ගුණවර්ධන මහතා වැඩිදුරටත් අවධාරණය කර සිටියේය.

ඔහු මේ බව පවසා තිබුණේ රූපවාහිනී නාලිකාවකට ප්‍රකාශයක් ලබාදෙමිනි.

Rate this item
(0 votes)

Related items