April 26, 2024

අසාද් සාලිගේ මෝටර් රථයේ තිබී ගිනි අවියක් සොයා ගනී

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් අසාද් සාලි මහතාගේ මෝටර් රථයේ තිබී විදේශ රටක නිෂ්පාදිත පිස්තෝලයක් සහ ඊට භාවිත කරන උණ්ඩ සොයාගත් බව පොලීසිය පවසයි.

ඔහු අත්අඩංගුවට පත්වන අවස්ථාවේදී ගමන් කරමින් සිටි මෝටර් රථයේ තිබී ගිනි අවිය සහ උණ්ඩ සොයාගෙන තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් අදාළ මෝටර් රථය පරීක්ෂා කිරීමේදී ඒවා සොයාගත් බවයි. 

ඒ සම්බන්ධයෙන් ද විමර්ශනයක් ආරම්භකර ඇති බව ද අජිත් රෝහණ මහතා පැවසීය.

අසාද් සාලි මහතාව ඊයේ (16) අත්අඩංගුවටගෙන තිබුණේ කොල්ලුපිටිය ප්‍රදේශයේදී ය.

Rate this item
(0 votes)
Last modified on Wednesday, 17 March 2021 12:41