April 27, 2024

දේහය හඳුනා ගන්න කළින් පත්තරේ විස්තරේ ගිහිල්ලා - කුරුවිට තරුණියගේ සහෝදරයා සංවේදීව කියන කතාව

වේල්ලවීදියේ තිබී හමුවූ හිස නොමැති තරුණියගේ දේහය හඳුනා ගැනීමටත් පෙර ඇය කුරුවිට, තෙප්පනාව ප්‍රදේශයේ පදිංචි තරුණිය ලෙස පුවත්පත්වල වාර්තා කර තිබූ බව ඇයගේ සහෝදරයා විසින් පවසා තිබේ.

එහිදී ඔහු සඳහන් කර සිටියේ “නංගිගෙ සිරුර හඳුනාගන්න අපි කොළඹ යන බදාදා දවසේ උදේ පත්තරවල ගිහින් තිබුණා මමයි අම්මායි කොළඹ යන ගමන් අතරමග නවගමුවේ, මගේ යාළුවෝ ටීවි බලලා කතා කරලා අහනවා මගදී, ඇත්තටම ඔයාගේ නංගිද, ඔයාලා හඳුනගත්තාද කියලා.. ඒත් අපි මග හිටියේ…” ලෙසිනි.

ශ්‍රී ලංකා පොලීසිය විසින් පරික්ෂණ මෙහෙයවන අවස්ථාවක සිරුරක් හමු වූ විට එහි අනන්‍යතාවය හඳුනාගත්තත් මුලික පරික්ෂණ අවසන් වනතුරු එය සැක සහිත පුද්ගලයෙකුගේ මළ සිරුරක් ලෙස නම් කරන අතර එහි මූලික පරික්ෂණ අවසන් වූ පසුව එහි සැබෑ අනන්‍යතාවය හෙළි කරනු ලබන මොහොතක මෙලෙස පුවත්පත් කිහිපයක් විසින් එම වේල්ලවීදියේ තිබී හමූ වූ සිරුර කුරුවිට, තෙප්පනාව ප්‍රදේශයේ පදිංචි තරුණිය ලෙසම නම් කොට තිබුණි.

එමෙන්ම මිය ගිය තරුණියගේ සහෝදරයා විසින් වැඩිදුරටත් සඳහන් කර තිබුණේ “පත්තරේක දාලා තියෙනවාලු නංගීට කොහෙද රටකත් පෙම්වතෙක් හිටියා කියලා..ඉතින් රුසියාවේ පෙම්වතායි මෙහෙ පෙම්වතායි කියලා. හොඳයි තොරතුරක් හම්බ වුණා කියමුකෝ..වගකීමෙන් අපෙනුත් අහන්න එපැයි. එහෙවත් කරන්නේ නැහැ..” යනුවෙනි.

එහෙම නොකිරීම තුළින් මාධ්‍ය සදාචාරයක් නොමැති බව පිළිඹිබු වන බව වන බවද ඔහු සඳහන් කර සිටියේය. ඔහු එහිදී සඳහන් කර සිටියේ “සමහර පත්තරවල නංගිගෙ නමවත් වයසවත් හරියට ලිව්වේ නැහැ..ගමේ නමවත් හරියට ලිව්වේ නැහැ..තෙප්පාගම කියලා ලියනවා. කොළඹ ඉඳලා ලියන්නේ..ඔය මාධ්‍ය ආයතනවල අයට අඩු ගානේ කෝල් එකක් දීලා අපිට කතා කරන්න පුළවන්නේ..” යනුවෙනි.

“මාධ්‍යවලින් පෙන්නුවේ නංගිගෙ චරිතේ අවුල් කියලා. එයාට මෙහෙම කොල්ලෝ හිටියා කියලා. ඇත්තටම එහෙම හැසිරීමක් අපි දැකලා නැහැ. ටෙලිෆෝන් කෝල් එකකට වුණත් උත්තර දෙන්නේ අපි අතරෙදිමයි. පැත්තකට ගිහින් කුටු කුටු ගාන සිරිතක් තිබුණේ නැහැ. අපිට කිසි සැකයක් තිබුණේ නැත්තේ ඒ නිසායි. එයාට රෑට පොස්ටර් ගහන්න තිබුණොත් කොල්ලෝ දෙන්නෙක් තුන්දෙනෙක් කතාකරගෙන ගහන්න යනවා. එහෙම සමාජශීලි කාටවත් බය නැති කෙනෙක් එයා. අඩු ගණනේ ඒ ගුණේටවත් දක්ෂකම්වලටවත් සාධාරණයක් ඉස්ඨ වෙන්න ඕනෑනේ…” යැයිද තම මිය ගිය නැගණිය ගැන පවසමින් සහෝදරයා කියා සිටියේය. 

ඔහු මේ බව කියා තිබුණේ ජාතික පුවත්පතකට පිළිතුරු ලබාදෙමිනි.

Rate this item
(0 votes)

Related items