April 27, 2024

SI අතින් ඝාතනය වූ තරුණියගේ ඩි.එන්.ඒ වාර්තාව නිකුත් වෙයි - අනන්‍යතාවයත් හෙළි වෙයි

රටම කලඹමින් ඝාතනයට ලක් වූ කුරුවිට තරුණියගේ ඩී.එන්.ඒ වාර්තාව නිකුත් වී තිබේ.

ඩි.එන්.ඒ වාර්තාව ලබා ගැනීමට පෙර මිය ගිය තරුණියගේ සහෝදරයා විසින් දේහය හඳුනා ගෙන තිබුණත් ඇයගේ ඩි.එන්.ඒ වාර්තාවක් ද පශ්චාත් මරණ පරික්ෂණය සිදු කිරීමට පමා කිරීමට කටයුතු කර තිබුණි.

ඒ අනුව ඇයගේ සහෝදරයා සහ මවගෙන් ඩී.එන්.ඒ සාම්පල් ලබාගෙන මිය ගිය තරුණියගේ ඩි.එන්.ඒ සාම්පල් සසඳා බැලීමෙන් අනතුරුව එම වාර්තාව දැන් නිකුත් කර තිබේ.

රජයේ අතිරේක රස පරීක්ෂක, ඩී.එච්.එල්.ඩබ් ජයමාන්න මහතා විසින් මෙම ඩී.එන්.ඒ වාර්තාව පරික්ෂා කර බැලීමෙන් අනතුරව ප්‍රකාශ කර ඇත්තේ තරුණියගේ ඩි.එන්.ඒ සාම්පල ඇයගේ මවගේ සහ සහෝදරයාගේ ඩි.එන්.ඒ සාම්පල් සමඟ ගැලපෙන බවයි.

ඒ අනුව, ඝාතනයට ලක්ව ඇති තරුණිය කුරුවිට, තෙප්පනාව ප්‍රදේශයේ පදිංචි 30 හැවිරිදි තරුණිය බවට සනාථ වී තිබේ.

Rate this item
(0 votes)

Related items