May 01, 2024

මිය ගිය තරුණියට කිසිදු ලිංගික අපරාධයක් වී නැහැ - වෛද්‍ය වාර්තාව පොලීසිය හෙළි කරයි

උප පොලිස් පරික්ෂකවරයෙකු අතින් ඝාතනය වූ 30 හැවිරිදි වියේ පසු වූ හිස සුන් කළ තරුණියට කිසිදු ලිංගික අපරාධයක් සිදුව නොමැති බවට වෛද්‍යවරුන් තීරණය කර ඇතැයි කොළඹ මධ්‍යම කොට්ඨාස භාර, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිශාන්ත චන්ද්‍රසේකර මහතා පවසා සිටියේය.

ඔහු මේ බව පවසා සිටියේ ඊයේ (03) දිනයේ පැවැති විශේෂ පොලිස් මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

ඒ මහතා වැඩිදුරටත් සඳහන් කර සිටියේ මියගිය කාන්තාවගේ සහෝදරයා විසින් දේහය හඳුනාගැනීම සිදු කළ බවයි.

කෙසේ වෙතත් පශ්චාත් මරණ පරීක්ෂණයට ප්‍රථමව ජෛව විද්‍යාත්මකව හඳුනාගැනීම් කිරීම සඳහා දේහයෙන් හා මිය ගිය තරුණියගේ මවගෙන්ද හඳුනාගැනීමට පැමිණි සහෝදරයාගෙන් DNA සාම්පල රැගෙන තහවුරු කිරීමක් කළ යුතු බවද ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා සඳහන් කර සිටියේය.

එම DNA සාම්පල් ලබා ගැනීමෙන් පසුව සිදු කරන ලබන පශ්චාත් මරණ පරික්ෂණයෙන් පසුව මෙම ඝාතන සිදුවීම පිළිබඳව වැඩිදුර කරුණු අනාවරණය කර ගත හැකි බවද ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිශාන්ත චන්ද්‍රසේකර මහතා අවධාරණය කර සිටියේය.

Rate this item
(1 Vote)
Last modified on Thursday, 04 March 2021 11:56

Related items