April 26, 2024

සාගල, දයා, රවී, අර්ජුන රනිල්ව මඟහරී - එජාප තනතුරුවල වැඩ බාර නොගනී

එක්සත් ජාතික පක්ෂයේ නව තනතුරු සඳහා පත්කළ පිරිස පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ අද(21) වැඩ භාරගත්තේය.

කෙසේවෙතත් උප සභාපති ධුරවලට පත්කළ සාගල රත්නායක, දයා ගමගේ, රවී කරුණානායක හා අර්ජුන රණතුංග යන මහත්වරුන් අද එම අවස්ථාවට පැමිණ සිටියේ නැත.

පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම උත්සවයට සෞඛ්‍ය නීතිවලට අනුකූලව පැවැත්විණි.

මහා සංඝරත්නයේ ආශිර්වාදය මැද නියෝජ්‍ය නායක ලෙස රුවන් විජයවර්ධන, උපනායක අකිල විරාජ් කාරියවසම්, මහලේකම් රංග බණ්ඩාර, සභාපති වජිර අබේවර්ධන සහ භාණ්ඩාගාරික මිස්බා සතාර් යන නිලධාරීහු පක්ෂයේ තම තමන්ගේ ධූරයන්හි වැඩ බාර බාරගත්හ. 

Rate this item
(0 votes)