April 27, 2024

නාමල් රාජපක්ෂ අමාත්‍යවරයාත් කොවිඩ් අසාදීත පියල් නිශාන්ත හමුවෙලා... අමාත්‍ය ජී.එල් නිරෝධායානයට

පියල් නිශාන්ත මහතා කොවිඩ් අසාදනය වීමත් සමග තවත් මන්ත්‍රී වරුන් කීප දෙනෙක්   නිවෙස් වල නිරෝධායානයට ලක් කර තිබේ. මේ අතර අමාත්‍ය ජී.එල් . පිරිස් මහතා ද සිටින බව තතු දත් ආරංචි මාර්ග සදහන් කලා. තවද පියල්  නිශාන්ත මහතා සමග ටයර් කර්මාන්තශාලාව ආරම්භ  කිරීමේ උත්සවයට සහභාගී වූ  සියල්ලන්  ද නිරෝධායානයට ලක් වීමට සිදුවිය හැකි බව වාර්තා වුනා .පසුගියදා අමාත්‍ය පියල් නිශාන්ත මහතා  නිල කටයුතු වෙනුවෙන් නාමල් රාජපක්ෂ අමාත්‍යවරයා මුණගැසුනු බව ආරංචි වනවා .  කළුතර දිස්ත්‍රික් සමාජ යටිතල පහසුකම් සංවර්ධන කමිටු රැස්වීම පැවැති අතර ඒ වෙනුවෙන් අමාත්‍ය වරුන් මුණගැසී තිබෙනවා . 

Rate this item
(0 votes)
Last modified on Tuesday, 19 January 2021 05:42