April 26, 2024

රනිල් ආණ්ඩුවට සහය දෙන්න සූදානම්! ආණ්ඩු පෙරළියක් නෑ

කොරෝනා මර්දන කාර්යයට අත ගසා හරියාකාරව සහ විනිවිදභාවයෙන් ආණ්ඩුව කටයුතු කරනවානම් දේශපාලන මතය කුමක් වුවත් රටේ සියලුම දෙනා ඒ වෙනුවෙන් උපකාර කිරීමට බැඳී සිටින බව හිටපු අගමැති එාජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

ඔහු මේ බව පැවසූවේ මිරිහානේ පැවැති සංවාදශීලි හමුවක් අමතමිනි.

"මේ අවස්ථාවේදී ආණ්ඩු මාරුකිරීමක් අපට අවශ්‍ය නැහැ. දැන් ජනතාවට තියෙන්නේ ජීවත්වීමේ අරගලයයි. ඒ ජනතාව වෙනුවෙන් සෞඛ්‍ය සුරක්ෂිතතාවය ලබා දිය යුතුයි. එසේ නැතිව ආණ්ඩු මාරු කිරීම හෝ කඹ ඇඳිලි හෝ මේ අවස්ථාවේදී අවශ්‍ය වන්නේ නෑ. මේ අවස්ථාවේදී ආණ්ඩුව බාර ගන්නවා යනු කොරෝනා හැදුනා වගේ වැඩක්. කොරෝනා මර්දනය සඳහා සහය දීමට අපි සූදානම්."

"දැන් ආණ්ඩුව හැම අතකින්ම හිර වෙලා. දේශපාලන මතය කුමක් වුවත් රටේ සියලුම දෙනා කොරෝනා වසංගතයෙන් මුදා ගැනීම සඳහා උදව් කිරීමට අප සූදානමින් සිටිනවා. ආණ්ඩුව අතගසා ඒ කාර්යය නොකරනවානම් එය අපේ ජාතිය නැති කිරීමට කරන වෑයමක් බව කිව යුතුයි. එසේ නොසලකා හැරීම අපේ ජනතාව මැරෙන්න ඉඩ දීමක්." යැයි රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

මෙලෙස සහයෝගය තිබෙන අවස්ථාවකදී එක එක්කෙනාගෙන් හිඟා කන්නේ නැතිව රටට සත්‍ය කරුණු කියා සියලුම දෙනාගේ සහයෝගය ගෙන වැඩ කරන ලෙස ජනාධිපතිවරයාටත් ආණ්ඩුවටත් මා පවසනවා යැයිද හෙතෙම වැඩිදුරටත් පැවසීය.

Rate this item
(0 votes)
Last modified on Monday, 18 January 2021 18:32