April 27, 2024

කතානායක ඇතුළු පාර්ලිමේන්තුවේ 463කට PCR කරයි

කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ පාර්ලිමේන්තු කාර්ය මණ්ඩල සාමාජිකයින් 463 දෙනෙකුගේ පී.සී.ආර්. පරීක්ෂණ අද(13) සිදුකර තිබේ.

පාර්ලිමේන්තු පරිශ්‍රයේදී මෙම පී.සී.ආර්. පරීක්ෂණ සිදුකෙරුණේ අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතාට සහ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක රවුෆ් හකීම් මහතාට  කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වීමත් සමඟය.

එසේම, අග්‍රාමාත්‍යවරයාගේ දේශපාලන කටයුතු සම්බන්ධීකරණ ලේකම් කුමාරසිරි හෙට්ටිගේ මහතාටද කොරෝනා වෛරසය ආසාදනය වී තිබූ අතර, ඔවුන් ජනවාරි මස 05 වැනිදා ආරම්භ වූ පාර්ලිමේන්තු සතියේ පාර්ලිමේන්තුවට පැමිණ තිබිණි.

ඒ හේතුවෙන් ඔවුන්ගේ ආශ්‍රිතයින් වූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 31 දෙනෙකු පාර්ලිමේන්තුවේ සී.සී.ටී.වී. දර්ශන මගින් හඳුනාගත් ගත් අතර, පසුව ඔවුන්ට ස්වයං නිරෝධායනයට ලක්වී පී.සී.ආර්. පරීක්ෂණ සිදුකර ගන්නා ලෙස දැනුම් දී තිබේ.

Rate this item
(0 votes)

Related items