April 27, 2024

පාර්ලිමේන්තු පොකුරක් - කතානායක විශේෂ රැස්වීමක් කැඳවයි

පාර්ලිමේන්තු කාරක සභාවේ රැස්වීමක් කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප‍්‍රධානත්වයෙන් අද(13) පස්වරුවේ පැවැත්වීමට නියමිතය. 

පාර්ලිමේන්තු මන්ති‍්‍රවරුන් කිහිප දෙනෙකු කොරෝනා ආසාදිතයන් ලෙස තහවුරුවීමත් සමග මීළඟ සතියේ පාර්ලිමේන්තු රැස්වීම් පවත්වන ආකාරය සම්බන්ධයෙන් එහිදී පක්‍ෂ නායකයන් සමග සාකච්ඡා කර තීරණයක් ගැනීමට නියමිතය.

මේ අතර පාර්ලිමේන්තු සේවකයන්ට සහ මන්තී‍්‍රවරුන්ට පාර්ලිමේන්තු සංකීර්ණය තුළදීම පී සී ආර් පරීක්‍ෂණ සදහා යොමුවීමට අද සිට අවස්ථාව සලසා දී තිබේ.

Rate this item
(0 votes)

Related items