April 26, 2024

ගම්පහ දිස්ත්‍රික්කයේ ඇඳිරිනීතිය හෙට ඉවතට? යුද හමුදාපතිගෙන් පිළිතුරු

ගම්පහ දිස්ත්‍රික්කය සඳහා පනවා ඇති නිරෝධායන ඇඳිරිනීතිය හෙට (26) දවස තුළ ඉවත් කිරීමට කිසිසේත් තීරණයක් ගෙන නොමැති බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

ගම්පහ දිස්ත්‍රික්කය තුළ නිරෝධායන ඇඳිරිනීතිය පවත්වාගෙන යන අතරේ ජනතාවට අත්‍යවශ්‍ය භාණ්ඩ ලබාගැනීමට අවශ්‍ය කටයුතු සලසාදීමට පියවර ගැනීමට නියමිත බව ඔහු පෙන්වා දෙයි.

දින තුනකට වඩා අඛණ්ඩව නිරෝධායන ඇඳිරිනීතිය පනවා ඇති ප්‍රදේශ වේනම් එම ප්‍රදේශවලටත් හෙට දිනයේ අත්‍යවශ්‍ය භාණ්ඩ ලබාගැනීම සඳහා අවස්ථාව ලබා දෙන බව යුද හමුදාපතිවරයා වැඩි දුරටත් පැවසීය.

Rate this item
(0 votes)