April 27, 2024

හුදෙකලා කළ ප්‍රදේශවල පුද්ගලයින්ට රැකියාවලට යාමට අවසර නැහැ

November 08, 2020

හුදෙකලා කොට ඇති ප්‍රදේශවල සිටින ජනතාවට එම ප්‍රදේශ යළි යථාතත්ත්වයට පත්ව ඇති බවට දන්වනතුරු සිය රැකියාවන් සඳහා පිටත්ව යෑමට අවසර හිමිනොවන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි. 

මෙලෙස හුදෙකලා කොට ඇති ප්‍රදේශවල සිටින අත්‍යාවශ්‍ය සේවා කටයුතු වලට සම්බන්ධ පුද්ගලයින්ට වුවද සිය රාජකාරී ස්ථාන කරා යාමට අවසර හිමි නොවන බව නියෝජ්‍ය පොලිස්පතිවරයා පැවසීය.

අද සවස පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු වැඩිදුරටත් කියා සිටියේ,

" ඔබ අත්‍යාවශය සේවාවලට සම්බන්ධ පුද්ගලයෙකු වුවත් හුදෙකලා කොට ඇති ප්‍රදේශයක සිටිනම් රැකියාවන් සඳහා පිටව යෑමට අවසර හිමිවන්නේ නැහැ. හුදෙකලා කොට ඇති ප්‍රදේශවල පිහිටි සුපිරි වෙළෙදසැල්, අත්‍යාවශ්‍ය භාණ්ඩ සහ ඖෂධ අලෙවිසැල් වලට හැකියාව තිබෙනවා පාරිභෝගිකයින්ට ඔවුන්ගේ ඇණවුම් අනුව ඩිලිවරි පහසුකම් යටතේ ගෙන ගොස් භාර දීමට"

එමෙන්ම බස්නාහිර පළාතට පැනවූ ඇඳිරි නීතිය හේතුවෙන් සීමා කොට තිබු අධිවේගී මාර්ග පිවිසුම් හෙට අළුයම සිට යලි විවෘත කරන බවද මෙහිදී අජිත් රෝහණ මහතා පැවසීය.

Rate this item
(0 votes)
Last modified on Sunday, 08 November 2020 21:32