April 26, 2024

අඟුලාන පොලිස් බල ප්‍රදේශයේ කොට්ඨාස 02ක් වහා ක්‍රියාත්මක වන පරිදි හුදකලා කරයි

November 09, 2020

අඟුලාන පොලිස් බලප්‍රදේශයට අයත් ග්‍රාම නිලධාරී කොට්ඨාස දෙකක් වහාම ක්‍රියාත්මක වන පරිදි හුදකලා කර තිබේ.

යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසා සිටියේ, අඟුලාන උතුර සහ අඟුලාන දකුණ යන ග්‍රාම නිලධාරී කොට්ඨාස මෙලෙස හුදකලා කළ බවය.

මේ අතර ගතවූ පැය 24 තුළ මොරටුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බල ප්‍රදේශයෙන් නව කොවිඩ් ආසාදිතයින් 28කුත් ,එගොඩ උයන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බල ප්‍රදේශයෙන් ආසාදිතයින් 7දෙනෙකුත් වාර්තා විය.

ඒ අනුව මොරටුව නගර සභා බල ප්‍රදේශයෙන් වාර්තා වන කොවිඩ් ආසාදිතයින්ගේ සංඛ්‍යාව 131 දක්වා ඉහළ ගොස් තිබේ.

Rate this item
(0 votes)